Thousands of Indian teachers set to lose jobs as Muslim school funding ends

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය මුස්ලිම් ආගමික පාසල්වල හෝ මද්‍රාසාවල ගණිතය සහ විද්‍යාව ඇතුළු විෂයයන් හැදෑරූ ගුරුවරුන් 21,000කට පමණ වැටුප් ගෙවීම නතර කර  ඇත.

නිලධාරියෙක් විසින් බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන්ට ඔවුන්ගේ රැකියා සම්පූර්ණයෙන්ම අහිමි විය හැකි බවයි.




අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී පක්ෂය විසින් පාලනය කරනු ලබන උත්තර් ප්‍රදේශ් හි මද්‍රාසාවල මෙම  ගුරුවරුන් සේවය කරන අතර, මැයි මාසය වන විට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයකදී මෝඩිගේ තුන්වන පාලන වාරය අපේක්ෂා කිරීමට පෙර මෙම පියවර පැමිණ ඇත.

මේ අතර  විට උත්තර් ප්‍රදේශ්හි මද්‍රාසා අධ්‍යාපන මණ්ඩලයේ ප්‍රධානී ඉෆ්තිකාර් අහමඩ් ජාවෙඩ් රොයිටර් පුවත් සේවයටද පවසා ඇත්තේ ගුරුවරුන් 21,000 කට වැඩි පිරිසකට රැකියා අහිමි වීමට නියමිත බවයි.


ඔහු වැඩි දුරටත් සදහන් කරන ආකාරයට මුස්ලිම් සිසුන් සහ ගුරුවරුන් වසර 30කින් ආපස්සට යන බවත්,ප්‍රධාන වශයෙන් හින්දු ඉන්දියාවේ මුස්ලිම්වරු සුළුතරයක් ජිවත් වන  අතර එය බිලියන 1.42 ක ජනගහනයෙන් සියයට 14 ක් පමණක් බවත්,ඔවුන් උත්තර් ප්‍රදේශ්හි ජනගහනයෙන් පහෙන් පංගුවකට ආසන්න ප්‍රමාණයක් වන බවත් පෙන්වා දී ඇත.



හියුමන් රයිට්ස් වොච් වැනි අයිතිවාසිකම් කණ්ඩායම් පවසන්නේ ජාතිකවාදී කණ්ඩායම් මෝඩිගේ භාරතීය ජනතා පක්ෂය (බීජේපී) යටතේ මුස්ලිම් සහ අනෙකුත් ආගමික සුළු ජාතීන්ට සාධාරණ තොරතුරු ලබාදීමකින් තොරව තර්ජනය කර හිරිහැර කර ඇති බවයි.

එය එම පක්ෂය විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි.

රොයිටර් විසින් අනාවරණය වූ  ලේඛනයකට අනුව, ෆෙඩරල් රජය 2022 මාර්තු මාසයේදී මද්‍රාසාවල ගුණාත්මක අධ්‍යාපනය ලබා දීමේ යෝජනා ක්‍රමය නම් වූ වැඩසටහනට අරමුදල් සැපයීම නතර කර ඇත

සුළුතර කටයුතු අමාත්‍යාංශයේ ලේඛනය පෙන්නුම් කරන්නේ, 2017/18 සහ 2020/21 මූල්‍ය වර්ෂ අතර වැඩසටහන යටතේ ප්‍රාන්තවලින් නව යෝජනා කිසිවක් සම්පූර්ණයෙන් වසා දැමීමට එකල මෝඩිගේ රජය අනුමත නොකළ බවයි.


මෝදිගේ ආන්ඩුව 2016 මාර්තු දක්වා මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 3 (ඩොලර් මිලියන 36) ක වාර්තාවක් දක්වා වැඩසටහන සඳහා අරමුදල් රැස් කර ඇත.

ඔහුගේ කාර්යාලය අදහස් දැක්වීම සඳහා කරන ලද කිසිදු ඉල්ලීමකට ප්‍රතිචාර  දක්වා නැත.

වැඩසටහන වසා දමන තෙක් එය පවත්වාගෙන ගිය ඉන්දියාවේ සුළුතර කටයුතු අමාත්‍යාංශය ද අදහස් දැක්වීමට කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූයේ නැත.


කොංග්‍රස් පක්ෂය විසින් පාලනය කරන ලද පසුගිය රජය විසින් 2009/10 දී ආරම්භ කරන ලද වැඩසටහනේ පළමු වසර හය තුළ මද්‍රාසා 70,000 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කර ඇති බව රජයේ දත්ත පෙන්වා දෙයි.




මෙම වැඩසටහන මුස්ලිම් දරුවන්ට ප්‍රයෝජනවත් වූ අතර එය නැවත පණ ගැන්විය යුතු බව සුළුතර අධ්‍යාපන ආයතන පිළිබඳ රජයේ මණ්ඩලයක සාමාජික ෂාහිඩ් අක්තර් පවසා ඇත.

ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත්තේ අගමැතිවරයාට පවා අවශ්‍ය වන්නේ දරුවන්ට ඉස්ලාමීය හා නවීන අධ්‍යාපනය ලැබීමට බවත්,මෙම යෝජනා ක්රමය රඳවා තබා ගැනීම සඳහා ඔහු  දැනටමත් නිලධාරීන් සමඟ කතා කරන බවත් ය.


ෆෙඩරල් රජය පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී පමණක් වැඩසටහන අවසන් කරන බව ප්‍රාන්තවලට ප්‍රකාශ කළ බව උත්තර් ප්‍රදේශ් මද්‍රාසා නිලධාරි ජාවෙඩ් බදාදා මෝඩි වෙත යවන ලද ලිපියක ද දක්වා ඇත.

මේ වන විට ඔහුගේ ප්‍රාන්තය අප්‍රෙල්  මාසයේ සිට ගුරුවරුන්ට වැටුප් නොගෙවා ඇති බවත්,ෆෙඩරල් කොටස වසර හයක් තිස්සේ ගෙවා නොමැති බවත්,මේ මාසයේ ගෙවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කළ බවත් පවසා ඇත.

විද්‍යාව, ගණිතය, සමාජ අධ්‍යයනය, හින්දි සහ ඉංග්‍රීසි ඇතුළු විෂයයන් පිළිබඳ ගුරුවරුන්ට ෆෙඩරල් රජයෙන් රුපියල් 12,000ක් දක්වා ගෙවීමට ප්‍රාන්තය විසින් මසකට රුපියල් 3,000 ($36) දක්වා ගෙවා ඇත.



මේ අතර බහරේච් දිස්ත්‍රික්කයේ මද්‍රාසා ගුරුවරයෙකු වන සමියුල්ලා ඛාන් පවසා ඇත්තේ ඔවුනට  වෙනත් රැකියාවක් නොමැති අතර ඔවුනට  වෙනත් රැකියාවක් ලබා ගැනීමටද  නොහැකි තරම් වයසයි, යන්නය.


මේ අතර, ඊසානදිග ඇසෑම් ප්‍රාන්තය, විපක්ෂයේ සහ මුස්ලිම් කණ්ඩායම්වල විරෝධතා නොතකා, මද්‍රාසා සිය ගණනක් සාම්ප්‍රදායික පාසල් බවට පරිවර්තනය කරමින් සිටී.


එහි ප්‍රතිපලයක්  ලෙස  ප්‍රධාන අමාත්‍යවරයා සියලුම ප්‍රාන්තවලින් මද්‍රාසාවලට අරමුදල් සැපයීම නතර කරන ලෙස ඉල්ලා තිබේ.

කෙසේවෙතත් ඉන්දියාවේ බොහෝ මද්‍රාසාවලට අරමුදල් ලැබෙන්නේ මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයින්ගේ පරිත්‍යාගවලින් වන අතර අනෙක් ඒවා රජයේ ආධාර මත රඳා පවතී.