ඉහළ නමක් දිනූ වැඩිහිටි සිනමා තරුවක් වූ ජෙසී ජේන් සිය පෙම්වතා සමග නිවසේ මියගොස් සිටියදී හමුවූ බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි. අසභ්‍ය චිත්‍රපට ඉතිහාසයේ ඉහළම ගාස්තු අය කරමින් රඟපෑ නිළියක ලෙස නමක් දිනූ ජෙසී ජේන් අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටි බව කියැවෙන අතර ඇගේ මරණයට හේතුව මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් වියහැකි බව අනුමාන කෙරේ.
ජේන්ස් බදාදා ඔක්ලහෝමා හි නිවසක මියගොස් සිටි බව පොලිසිය පැවසීය. ඇය ඇගේ පෙම්වතා වන බ්‍රෙට් හසන්මුලර් සමඟ නිවසේ රැඳී සිටි බවත්, ඔහු ද එකම ආකාරයට මියගොස් ඇති බවත් වැඩිදුරටත් පැවසීය. මෙම මරණ සිදුව දින කිහිපයක් ගතව ඇතැයිද අධික දුර්ගන්ධයක් සමග අසල්වාසීන් කළ පැමිණිලි මත විමර්ශන ඇරඹූ බවද පොලිසිය පවසා තිබේ.
ඇය 2003 සිට 2007 පමණ කාලයේ වැඩිහිටි චිත්‍රපට කර්මාන්තයේ සක්‍රීයව නිරතවූවාය.
ඩීවීඩී ඔස්සේ ජේසී ජේන් නමින් අලෙවිවූ චිත්‍රපට වලට අධික ඉල්ලුමක් පැවති බව කියැවිණි. කෙසේ වෙතත් අන්තර්ජාලය ඔස්සේ වැඩිහිටි චිත්‍රපට ක්ෂෙත්රය විනාශයට ලක්වූ බව ඇගේ අදහස විය.
ඇය ‘ඩිජිටල් ප්ලේග්‍රවුන්ඩ්‘ චිත්‍රාගාරය සමඟ ගිවිසුමක් අත්සන් කර වැඩකරමින් සිටි බවද පැවසිණි.
ඇයගේ ' පයිරේට්ස් ' චිත්‍රපට මාලාව වඩාත්ම මිල අධික එක බව පැවසේ.
ඩිජිටල් ප්ලේග්‍රවුන්ඩ් 2005 දී පළමු චිත්‍රපටය සඳහා ඩොලර් මිලියනයක් සහ 2007 දී එහි අනුප්‍රාප්තිය සඳහා ඩොලර් මිලියන 8ක් ඇය වෙනුවෙන් වියදම් කළේය.
ප්ලේබෝයි සමාගමේ, නෝටි ඇමේචර්ස් සමාගමේ චිත්‍රපට සඳහාද ඇය දායක වූ අතර ප්‍රසිද්ධ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ ' Starsky and Hutch ' සහ ' Entourage ' චිත්‍රපට කිහිපයකද ඇය රඟපා තිබේ.
ජෙසී ජේන් 1980 ජූලි 16 වන දින ටෙක්සාස් හි ෆෝට් වර්ත් හි සින්තියා ඈන් හොවෙල් ලෙස උපත ලැබූ අතර ඇගේ දෙමාපියන් ටින්කර් ගුවන් හමුදා කඳවුරේ සේවය කළ අය බව කියැවිණි.1998 දී මුවර් උසස් පාසලෙන් උපාධියක්ද ලබා සිටි ඇය වැඩිහිටි චිත්‍රපට කර්මාන්තයට පිවිසෙන්නේ නිරූපණ ක්ෂෙත්රයේ කටයුතු කිරීමෙන් පසුවයි.
මියයන විට 43 වන වියෙහි පසුවූවාය.
0 Comments