මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව 1 සහ 2 ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගත් මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාධිපතිනිය සහ එහි කාර්යාල කාර්ය සහායකයා ලබන 2 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කළාය.
විභාග ප්‍රශ්න පත්‍ර විභාග ශාලා වෙත යොමු කරනුයේ සීල් තබාය. ඒවා සීල් කඩා විභාගය පවත්වන වේලාවේ පමණක් විවෘත කිරීමේ වගකීම ශාලාධිපතිවරුන්ට පැවරේ.
මෙහිදී සිදුව ඇත්තේ කල් ඇතිව රහසේ සීල් කඩා ප්‍රශ්න පත්‍ර පිට කිරීමකි.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් වූයේ මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාධිපතිනිය දිනේෂා චිරත්තනී සහ කාර්යාල කාර්ය සහායක සුමුදු චින්තන යන දෙදෙනාය.
මෙම විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ සිටින අම්පාර ඩී.සේ.සේනානායක විදුහලේ කෘෂි විද්‍යා ගුරුවරයාද අද අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු ද ලබන 2 වැනි දා තෙක් රිමාන් බාරයට පත් කරනු ලබුවාය.
එසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ දමින්ද ලක්මාල් නමැති ගුරුවරයෙකි.
මෙලෙස විභාග වංචාවක් සිදුකිරීම නිසා සමස්ත විභාග ක්‍රියාවලියටම බලපෑමක් සිදුවූ අතර අදාළ ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීම නිසා ඒ වෙනුවෙන් දෙවරක් පෙනී සිටීමට සිසු දරුවන්ට සිදුවිය. විභාග කාලසටහන දික්වූ අතර පාසල් නිවාඩුවද දින කිහිපයකට දීර්ඝ විය.
0 Comments