agriculture-paper-2-cancelled

මෙවර උසස් පෙළ විභාගයේ පෙරේදා (10) පැවති කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය අවලංගු කර තිබෙයි.
නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ විභාගයට පෙර අදාළ ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යයේ සංසරණය වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.



ඒ අනුව සියලුම මාධ්‍යන් සඳහා මෙම ප්‍රශ්න පත්‍රය අවලංගු වනු ඇත.

අවලංගු කරන ලද කෘෂි විද්‍යාව 2 දැනට පැවැත්වෙන විභාගය අවසන් වූ වහාම නැවත පැවැත්වීමට කටයුතු කරනු ලබන බවත් එම විෂයට අදාළ විභාගය නැවත පැවැත්වෙන දිනය පසුව දැනුම්දෙන බවත් එම නිවේදනයේ දැක්වෙයි.