ahungalla-incident

අහුං­ගල්ල පොලිස් වසමේ මෙහෙ­යු­මක දී අයිස් සමඟ 16 හැවි­රිදි පාසල් සිසු­වකු අත්අ­ඩං­ගු­වට ගත් බව අහුන්­ගල්ල පොලි­සිය කියයි.

අහු­න්ගල්ල ගල්වෙ­හෙර ප්‍රදේ­ශ­යේදී අහු­න්ගල්ල පොලි­සි­යට ලද තොර­තු­රක් මත නිව­සක් පරීක්ෂා කිරී­මේදී එහි සිටි පාසල් සිසු­වකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි­ග්‍රෑම් අට­දා­හක් සොයා ගැනී­මට හැකි විය. මෙහි වටි­නා­කම රුපි­යල් ලක්ෂ දෙක­කට ආසන්න බව පොලි­සිය කියයි.

මොහු­ගෙන් වැඩි­දුර ප්‍රශ්න කිරී­මේදී දැනට විදේ­ශ­ග­තව සිටින අහුං­ගල්ලේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වෙ­කුගේ උප­දෙස් මත මෙම මත්ද්‍රව්‍ය බෙදා හරින බව පවසා තිබේ.

මෙම සිසුවා අහු­න්ගල්ල ප්‍රදේ­ශයේ පාස­ලක සාමාන්‍ය පෙළ හදා­රන සිසු­වකු බවත් පොලි­සිය පව­සයි. විදේ­ශ­ග­තව සිටින මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වාගේ ගෝල­යකු විසින් මෙම සිසු­වාට මත්ද්‍රව්‍ය ලබා­දීම සිදු කරන අතර මෙම සිසුවා මෙම මත්ද්‍රව්‍ය අලෙවි කරන බවත් පාසල් සිසුන් අත­රේද මේවා බෙදා හරින බවත් පොලි­සිය විසින් සොයා­ගෙන ඇත. මෙම සිසු­වාට මත්ද්‍රව්‍ය බෙදා­හැ­රීම සඳහා මැසෙ­න්ජර් ක්‍රම­යට විස්තර ලබාදි ඒවා ස්ථාන­යක සඟවා සිසු­වාට ලබා­ගැ­නී­මට සලස්වා ඇත. මත්ද්‍රව්‍ය විකුණූ මුදල් අහුන්­ගල්ලේ පිහිටි රාජ්‍ය බැංකු­වක තැන්පත් කරන බවත් පොලි­සිය විසින් ප්‍රශ්න කිරී­මේදී අනා­ව­ර­ණය කර­ගෙන ඇත.

ඒ සඳහා ඔහුට මුදල් ලබා­දෙන බව සිසු­වා­ගෙන් ප්‍රශ්න කිරී­මේදි අනා­වර‍ණ කර­ගෙන ඇත. අත්අ­ඩං­ගු­වට ගත් සිසුවා බල­පි­ටිය මහේ­ස්ත්‍රා­ත්ව­රයා වෙත ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ගාල්ල කිතු­ල­ම්පි­ටිය ළමා නිව­ර්තන නිවා­සයේ රඳවා තැබීම සඳහා නියෝග කර ඇත.

මේ දින­වල යුක්තිය මෙහෙ­යුම නිසා මෙසේ පාසල් සිසුන් යොදවා මත්ද්‍රව්‍ය බෙදා­හැ­රීම ජාවා­ර­ම්ක­රු­වන් විසින් සිදු කරන බව පොලි­සිය පව­සයි. අත්අ­ඩං­ගු­වට පත් සිසු­වාගේ මාපි­යන් කුලී වැඩ­ ක­රන බවත් ඔවුන් මේ ගැන කිසි­වක් නොදන්නා බවත් පොලි­සිය කියයි.

අහු­න්ගල්ල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක හරිත් හල්විට මහ­තාගේ උප­දෙස් මත මෙම මෙහෙ­යුම සිදු කෙරිණි.
අනු­රාධ ප්‍රිය­ද­ර්ශන.