akila-vimanga-bhagya-agararathne

 ටියුෂන් ගුරුවරයෙකු ලෙස ප්‍රකට නමක් දිනූ අකිල විමංග සෙනවිරත්න පසුගියදා යුග දිවියට පිවිසියේය. ඔහු තම අලුත්ම විස්තර මෙවර සතිඅන්ත පුවත්පතකට විස්තර කර තිබේ.
ඇය භාග්‍යා ආගරරත්න. වෘත්තියෙන් වෛද්‍යවරියක් පදිංචිය නුවර, එය පාසල් ගියේ නුවර හිල්වුඩ් විද්‍යාලයට වයස අවුරුදු 30ක් වෙනවා. ඇය පවුලේ එකම දරුවා. කලාවට ගොඩක් ලැදි හරිම සංවේදී කෙනෙක්.
මගේ පාසලේ යාළුවෙක්ගෙ මාර්ගයෙන් නමයි ඇයව මුණගැහෙන්නෙ. යාළුවා වෛද්‍යවරයෙක්. ඔහු ඇතුළුව මේ කට්ටිය ට්‍රීප් එකක් ගිහින් ඒ ෆොටෝ දාලා තිබුණා Fb එකේ. මම් ඒ ෆොටෝ එකක් දැකලා මගේ යාළුවගෙන් ඇහුවා ඇය ගැන. ඊට පස්සේ ඉතින්  මං ඇයගෙ Fb ප්‍රොෆයිල් එක හොයාගෙන රික්වෙස්ට් එකක් දාලා තමයි මුලින්ම කතා කළේ ඉතින් මගේ යාළුවා තමයි මට උදව් කළේ මේ වෙනුවෙන්.‍

වෙනත් තරුණියන්ගෙන් යෝජනා ඇත්තටම එනවා. තවමත් එනවා මම විවාහ වෙනවා කියලා දැනගත්තත් යෝජනා ගේන අය ඉන්නවා. ඒ අතර හොඳ අයත් ඉන්න පුළුවන්. නමුත් මම කියන්නෙ විවාහය කියන්නෙ සංසාරික දෙයක්. කොහොමත් කෙනෙක්ට හරියන්න හෝ වරදින්න විවාහය සංසාරිකයි. මට සංසාරෙන් ආවෙ මේ දේ කියලා තමයි මම විශ්වාස කරන්නේ.



ඇත්තටම පන්තිවල ළමයි එක්ක මගේ සම්බන්ධතා තිබිලම නැහැ. විශ්ව විද්‍යාලයට යන කාලෙ වුණත් විශ්ව විද්‍යාලය ඇතුළත සම්බන්ධතා තිබිලා නැහැ. පන්තිවල ළමයි එක්ක සම්බන්ධතා තිබුණ කියන්න මම හරි විහිත, අහිංසක කියන එක නෙමෙයි, නමුත් මට එහෙම තිබිලා නැහැ. ප්‍රේමය කියන දේ හැම මොහොතකම හිතෙන්න ඕනෑ දෙයක්, මට සම්බන්ධතා කිහිපයක් තිඛිලා තියෙනවා. නමුත් ඒ සියල්ල අවසානයේ නැවතුන තැන තමයි මේ.

 අපි දෙන්නට දෙන්නා කාර්ය බහුලයි. ඉතින් ඒ හැමදේම තේරුම් අරන් බැලන්ස් කරගෙන යනවා. ඇය මට උපරිම නිදහස දීල තියනවා මගේ වැඩ කරගෙන යන්න. තේරුම් ගැනීම තමයි ගොඩක් වැදගත්

අපේ අම්මා නම් කොහොමත් බර බාරේ දදා හිටියේ ඉක්මනින් කසාද බඳින්න කියලා. අම්මාට නම් ඉතින් කවුරු හරි හොඳ ගැළපෙන කෙනෙකුට මාව බන්දලා දෙන එක තමයි තිබුණු එකම දේ. නමුත් ඒ සම්බන්ධව මට ලොකු උනන්දුවක් තිබුණ නැහැනෙ.
කොහොමත් අපි කතා බහ කරන්න පටන් අරන් මාස 4ක් 5ක් වගේ කාලයක් ඇතුළත තමයි විවාහ වෙන්නත් තීරණය කළේ. අපි වැඩිහිටි ළමයි විදියට මේ දේවල් ගෙවල්වලට හංගගෙන ඉන්න දෙයකුත් නැහැනෙ. ඒ නිසා කතා කරන්න පටන් ගත්තු කාලෙම ආශිර්වාදය ලබා ගත්තා.


අපි දෙන්නම හඳහන් විශ්වාස කරන්නේ නැහැ. දන්නෙ නැ. ඒ වගේ ඇත්ත, නැත්ත මොකක්ද කියලා. නමුත් අපි නම් ඒවා බලන්න ගියෙ නැහැ. කොහොමත් දෙන්නෙක් එකට ජීවත් වෙද්දි ප්‍රශ්න එනවනෙ. ප්‍රශ්න නැත්නම් ඒ අය රොබෝලා වෙන්න ඕනෑ. මම නම් කියන්නෙ ඉතින් මීට පෙර සඳහන් කළා වගේ තේරුම් ගැනීම තමයි වැදගත්ම දේ වෙන්නෙ.
 අපේ විවාහයේ දී අපි කිසිම දෙයක් බැලුවේ නැහැ බාහිර දේවල් සාමාන්‍යයෙන් නුවර ප්‍රදේශයෙන් කසාද බදිද්දි කුල මල බලනවනෙ, නමුත් අපි ඒවා බැලුවෙත් නැහැ. කොහොමත් මගේ තාත්තාගේ ගමත් නුවර, එයත් නුවර. ඒ ප්‍රදේශයේ නෑදෑකම් කතා කළා ඇරෙන්න කුල, මල, හඳහන්, ධනය අපිට අවශ්‍ය වුණේ නැහැ.


සටහන - ධනු විජේරත්න








Photography | Darkroom
Planner | Pathum Gunawardana Weddings.
Groom Hair | Channa Flash
Bride Makeup | Ozella by Shashi Karunarathna
Bride dresses | UR Bridel
Bride's Saree | Brides By Dinishi
Groom Outfits | Groom Art
Bride Dresses | Shringaar Exclusive Designer Wear by Kanishka Sagabo Dias
Cake | Ovinta Cake Arts
Shoes | Walk to Glow
Location | Hotel Royal Ramesses
HMUA | Salon Chandimal Chandimal Jayasinghe
Muladum | Kulagedara - Manalayange Mahagedara
Jewelry | Gitano Collection