aluthgama-incident

අලුත්ගම ගාලු පාරේ වටරවුම ඉදිරිපිට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් විදුලි කණුවක ගැටී ඊයේ (31) සිදුවූ අනතුරෙන් යතුරු පැදියේ පසු පස ගමන් ගත් තරුණයකු අලුත්ගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇතැයි අලුත්ගම පොලිසියේ රථවාහන අංශය කියයි.

එම අනතුරින් මියගොස් ඇත්තේ අලුත්ගම, සීනවත්ත, පූර්වාරාම පාර ප්‍රදේශයේ පදිංචිව සිටි ලොකු කම්කානන්ගේ චාමික පීරිස් (31) නමැති අවිවාහක සංචාරක හෝටල්  සේවකයෙකු බව පොලිසිය කියයි.යතුරුපැදිය පැදවූ (32) හැවිරිදි විවාහකයෙකු වූ ප

ැදිකරු බරපතළ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.

මියගොස් ඇති තරුණයාගේ මෘත ශරීරය පිළිබඳ මූලික පරීක්ෂණය බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල් හෙට්ටිආරච්චි මහතා අලුත්ගම රෝහලට පැමිණ මූලික මරණ මරණ පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත යොමු කර බව පැවසීය.
 තුසිත කුමාර ද සිල්වා