අධිවේගී මාර්ගයේ කුරුඳු ගහහැතැප්ම ප්රදේශයේ දී ඊයේ (4) අලුයම වැන් රථයක් සහ ලොරීරථයක් ගැටී සිදුවූ අනතුරකින් අම්බලන්තොට ලූණම පදිංචි ලංකා බැංකුවේ බරවකුඹුක ශාඛාවේ සහකාර කළමනාකාරීණියක සහ ඇගේ මව මියගොස් ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි කුරුදුගහ හැතැප්ම රථවාහන පොලිසිය කියයි.
අවුරුදු 57 වන මව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර 31 හැවිරිදි දියණිය සහ රියදුරා බරපතළ තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බරපතළ තත්ත්වයේ පසුව සිටි දියණිය පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ, බැරගම ප්රදේශයේ පදිංචිව සිටි එස්.කේ. ඒ. ඉමේෂිකා මධුශි නමැති සහකාර බැංකු කළමනාකාරවරිය සහ ඇගේ මව වන එදිරිමුණි රිටා හැරියට් ද සොයිසා නමැත්තියක බව පොලිසිය කියයි.
තුවාලකරුවන් අතර මියගිය අයගේ ඥාති පුතකු සහ සුඛෝපභෝගී වෑන් රථයේ රියැදුරා ද සිටින බව පොලිසිය කියයි.ප්රතිකාර සඳහා ලංකා බැංකුව සතු සුබ සාධන සේවාවට අයත් නිළ වෑන් රථයෙන් කොළඹ ගොස් ආපසු එන අතරතුර මෙම අනතුර සිදුව තිබෙන බවට තොරතුරු අනාවරණය විය.
තුවාලකරුවෝ ඇල්පිටිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. මිය ගිය බැංකු කළමනාකාරිගේ දෙහැවිරිදි පුතාද අනතුර සිදුවන අවස්ථාවේ වැන් රථයේ ගමන් කර ඇති නමුත් අනතුරත් සමග එම දරුවා එහි ගමන් ගත් කාන්තාවකගේ තුරුලට විසිවීම නිසා කිසිදු තුවාලයක් නොවී බේරී ඇතැයි පොලිසිය කියයි.
හෘද සැත්කමකින් පසු මවට යළි ප්රතිකාර ගැනීමට කොළඹ රෝහලකට ගොස් නැවතත් නිවෙසට යමින් සිටියදී මෙම මෙම අනතුරට මුහුණ පා ඇත.
කොට්ටාව දෙස සිට මත්තල දෙසට ධාවන වූ ලොරි රථයේ පිටුපස ඒ දෙසටම ගමන් ගත් සුඛෝපභෝගී වෑන් රථය ගැටි මෙම අනතුර සිදුව ඇති අතර, රියැදුරාට නින්ද යෑම මෙම අනතුරට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
අනතුරින් පසු වැන් රථයේ සිරවී සිටි පිරිස විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් දැඩි වෙහෙසක් දරා පිටතට ගෙන රෝහල් ගත කරනු ලැබූහ. ඒ වන විටත් 57 හැවිරිදි රිටා හැරියට ද සොයිසා මහත්මිය මියගොස් සිටි බව පොලිසිය කියයි.
දක්ෂිණ අධිවේහි කුරුඳුගහහැතැප්ම රථවාහන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
0 Comments