anne-princess-colombo-sri-lanka

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් දෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍ය රජ පවුලේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇය නැසීගිය බ්‍රිතාන්‍ය රැජිණ දෙවන එලිසබෙත්ගේ එකම දියණියයි.
ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට අද (10) පැමිණී අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මේ සමග දැක්වේ.
ලබන 12 වැනිදා තෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඈන් කුමරිය මෙරට රාජ්‍ය නායකයා හමුවීමෙන් පසු කොළඹදී, මහනුවරදී සහ යාපනයේදී දේශීය ප්‍රජාව සහ කණ්ඩායම් මුණ ගැසීමට නියමිතය.