anura-kumara-speaks

නව වසරේ නව දේශපාලන පරිවර්තනය පිළිබඳව කිසිදු සැකයක් නොමැති බවත්, එය මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුව දෙස බැලීමේ දී පෙනෙන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.ඒ මහතා මේ බව සදහන් කළේ ජාතික ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි. මෙම සමුළුව සදහා මාතර දිස්ත්‍රික්කයේ කාන්තාවන් විශාල පිරිසක් රැස්ව සිටියහ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

"දෙදහස් විසිතුන වසර නිමාකරලා දෙදහස් විසිතරට පය තබන්න තව දවසක් විතර තිබෙන්නේ. හැබැයි 2024 නව අවුරුදු උදාව වේලාසනින්ම  මාතරට ඇවිල්ලා, මේ අපේක්ෂා සහගත බලාපොරොත්තු සහගත සතුට පිරුණු මුහුණුවල තිබෙන්නේ 2024 ජයග්‍රාහී වසරක් බවට පත්කර ගැනීමයි.

භූ කම්පනයක් හේතුකොට ගෙන ලංකාවට සුනාමි අනතුරක් ඇති බව අද පාන්දර ප්‍රවෘත්තියකින් කියවුණා. පසුව දවල් එම තත්ත්වය පහව ගියා කියලා නැවත ප්‍රවෘත්තියක් පළවුණා. නමුත් මාතරට ගැහැනු සුනාමියක් ඇවිත් කියලා මේ පිටිය දැක්කම පේනවා,අපට අත්හැරුණු තැන්, සාර්ථක කර ගත නොහැකිව තිබූ තැන්, සියල්ල සම්පූර්ණ කර ගනිමින්, අපි ඉදිරියට ආවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය පිහිටුවීම නිසා ආණ්ඩුව ඇතුළේ විශාල බියක් සහ කැළඹිල්ලක් ඇති කරමින් එය වර්ධනය වෙනවා. ඒ වගේම වෘත්තියවේදීන්ගේ සංවිධාන, ධීවර සමුළු, කාන්තා සමුළු පවත්වමින් දැවැන්ත ව්‍යාපාරයක් හැටියට ඉදිරියට ඇවිත් 2023 අබිබවා යන මහා බලගතු ව්‍යාපාරයක් හැටියටයි 2024ට අපි පා තබන්නේ,තවත් අලුත් පියවරකින් 2024ට පා නගත්ත අපි තීරණය කළා. වාටුබස්වලින්, බොරුවෙන්, කුඩා කුඩා මෙවලම් බෙදීමෙන් ගැහැනුන් රවටා ගන්න

විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ සමත් වුණා. ඔහු ගොඩනැගූ දේශපාලන සංස්කෘතිය අපේ ගමේ ගැහැනුන් ඉලක්ක කර ගත් සංස්කෘතියක්. දැනුත් විවිධ අවස්ථාවලදී ඔහු එවැනි ප්‍රකාශ කළත්, අද ජාතික ජන බලවේගයේ මැදිහත් වීමෙන් හුදු ඡන්දයක් ලබාගැනීමේ ගැහැනිය වෙනුවට සමාජය  පරිවර්තනය කිරීම සඳහා අත්වැල් බැඳගන්නා ගැහැනුන් බවට ඔසවා තබා තිබෙනවා. 2024 ජයග්‍රහණය ගැන අපටත් කුකුසක් තිබුණා නම්, අද එය මුළුමනින්ම ඉවරයි. අන් කවරදාටත් වඩා වැඩියෙන් අවදියෙන් සිටිය යුතු, කල්පනා කළ යුතු, ක්‍රියාකාරී විය යුතු, වෙලාවක් මේක. ඔබට දැන්මොනවාද ඉතිරිවී තිබෙන්නේ. අවුරුදු 13, 14 වයසේ දැරිවියන් පවා උපදේශන සේවා ලබාගත යුතු තත්වයට සමාජය බිඳ වට්ටවා අවසන් .

නවෝද්‍යා  පවනී