awalokeshwara-arrested-updates

බෞද්ධාගමට අපහාස වන අයුරින් විකෘති අදහස් දේශනා කරමින් සිටියදී ඊයේ පන්නිපිටියේදී අත්අඩංගුවට ගත් අවලෝකිතේෂ්වර බෝධිසත්වයා ලෙස පෙනී සිටි පුද්ගලයා සති දෙකකට වැඩි කාලයක් සැඟව සිට ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ අනුගාමිකයකුගේ නිවෙසක බව අනාවරණය වී ඇත.

මොහු යූ ටියුබ් හා සමාජ මාධ්‍ය ඔස්සේ බෞද්ධාගමට අපහාසාත්මක ධර්ම දේශනා සිදුකර තිබුණි.
අවලෝකිතේෂ්වර බෝධිසත්වයා ලෙසින් පෙනී සිටි කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නමැති මෙම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගන්නට පෙර දින 10ක කාලයක් සැඟවී සිට ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සිටින සිය අනුගාමියකු විසින් කුලී පදනම මත කැස්බෑව ප්‍රදේශයෙන් ලබා ගත් නිවසක බවත් එම නිවසට රැවුල් කොණ්ඩා වවා ගත් පිරිසක් රාත්‍රි කාලයේදී දේශනා ඇසීමට පැමිණ ඇති බවත් හෙළිවී තිබේ.

පසුගිය ජනවාරි 01 වැනිදා මොහු ඊජිප්තුවේ සිට මෙරටට පැමිණ තිබෙන අතර මොහු කැලණිය රජමහා විහාරය, බෙල්ලන්විල රජමහා විහාරය, ශ්‍රීපාදස්ථානය ඇතුළු වෙහෙර විහාරවලට ගොස් අසත්‍ය ධර්ම ප්‍රචාරක කටයුතු කිරීමට සූදානමින් සිට තිබෙන බවද මොහු සම්බන්ධයෙන් ලද පැමිණිලි හා මහජන කැලඹීම නිසා එම උත්සහායන් සාර්ථක වී නැති බවද හෙළිවී ඇත.


ත්‍රිරෝද රථ­යක නැඟී ගමන් කර­මින් සිටි­යදී පන්නි­පි­ටි­යේදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීහු
මොහු විසින් පරි­හ­ර­ණය කරන ලද ලැප්ටොප් පරි­ග­ණ­කය සහ ජංගම දුර­ක­තන කිහි­ප­යක් ද පොලිස් භාර­යට ගෙන තිබේ. සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් ඔහු නවා­තැන් ගෙන සිටි සහ දේශන පැවැත්වූ කැස්බෑව බටු­ව­න්දර සර්වෝ­දය මාවතේ දෙම­හල් කුලී නිවෙස ද පරී­ක්ෂා­වට ලක් කෙරිණි‍.



අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අතර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු සැකකරු කොළඹ කොටුව මහෙස්ත්‍රාත් හමුවට අද (16) වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.


දණ්ඩ නීති සංග්‍ර­හයේ (291, සහ 291 අ, ආ) යන වගන්ති යටතේ ආග­මික හැඟීම් රිද­වීම යන ඒකා­යන චේද­නා­වෙන් වචන ප්‍රකාශ කිරීම, යම් පන්ති­ය­කට හෝ ආග­ම­කට ආග­මික විශ්වා­ස­ය­කට නින්දා කිරීම යන වැරදි සහ පරි­ග­ණක අප­රාධ පනත යටතේ ගැනෙන වැරදි සම්බ­න්ධ­යෙන් මොහුට එරෙ­හිව චෝදනා ඉදි­රි­පත් කිරී­මට හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳ­හන් කළේය. මෙම පුද්ග­ල­යාට රටින් පිට­වීම තහ­නම් කර­මින් මේ වන විට නියෝ­ග­යක් ද නිකුත් කර තිබෙන අතර එම නියෝ­ගය කොළඹ කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය මඟින් නිකුත් කරනු ලබන්නේ පසු­ගිය 12 වැනිදා පරි­ග­ණක අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය වෙනු­වෙන් නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් මහතා අධි­ක­ර­ණ­යෙන් කළ ඉල්ලී­ම­කට අනු­වය.



සැකකරු විසින් භාවිතා කරන ලද ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකතනය විශ්ලේෂණ වාර්තා ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන ඇත.

 විදේ­ශ­ග­තව සිටි මෙම පුද්ග­ලයා ඊජි­ප්තුවේ සිට තමා අව­ලෝ­කි­තේ­ශ්වර බෝධි­ස­ත්ව­යන් ලෙස පව­ස­මින් මෙර­ටට පැමි­ණෙනු ලබන්නේ පසු­ගිය 01 වැනි­දාය. ඒ පැමිණි ඔහු සුඛෝ­ප­භෝගි මෝටර් රථ­යක නැඟී කැලණි විහා­ර­ස්ථා­න­යට ගොස් දේශ­නා­වක් පව­ත්වන්නේ අපේ රටේ මිථ්‍යාව විශ්වාස කරන පිරි­ස­ක­ගේත් දස­සිල් මාතා­ව­ක­ගේත් වැඳුම් පවා ලබ­මිනි. අව­සා­න­යේදී මෙම පුද්ග­ලයා සිය නිවෙස බලා ගමන් කළේ යැයි කියනු ලබන්නේ රුපි­යල් 10,000ක මුද­ලක් උපා­සි­කා­ව­ක­ගෙන් ලබා­ගෙ­නය.

මෙම පුද්ග­ලයා සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට බෞද්ධ සංවි­ධාන සහ භික්ෂූන් වහන්සේ ඇතුළු පාර්ශ්ව රැසක් කළ පැමි­ණි­ලි­ව­ලට අනුව පරි­ග­ණක අප­රාධ විම­ර්ශන අංශය මඟින් පරී­ක්ෂණ ආරම්භ කරනු ලැබීය.

මෙම පුද්ග­ලයා දේශන පව­ත්වන විට සිය දිය­ණි­යට අප­යෝ­ජ­න­යක් කළා­යැයි සඳ­හන් කර තිබේ. ඔහුගේ එම ප්‍රකා­ශය පද­නම් කර­ගෙන විම­ර්ශ­න­යක් පැවැ­ත්විය නොහැකි බවත් දිය­ණිය හඳු­නා­ගෙන ඇගෙන් පැමි­ණි­ල්ලක් සට­හන් කර­ගෙන ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් පැවැ­ත්විය හැකි බවත් උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය. ඒ ගැන ද මේ වන විට කරුණු අධ්‍ය­ය­නය කර­මින් පව­තින බව එම නිල­ධා­රියා කීය.