awalokitheshwara-fraud

අව­ලෝ­කිතේශ්ව­ර බෝධි­සත්ව යැයි කියා ගන්නා පුද්ග­ල­යකු සම්බ­න්ධ­යෙන් සමාජ මාධ්‍ය­යන් හි සැරි­ස­රන වීඩි­යෝ­වක් සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් පව­ත්වන ලෙස ඉල්ල­මින් බෞද්ධ තොර­තුරු කේන්ද්‍රයේ අගු­ලු­ගල්ලේ සිරි ජිනා­නන්ද හිමි විසින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණි­ල්ලක් ඊයේ (09) ඉදි­රි­පත් කරනු ලැබු­වේය.



මෙම පුද්ග­ලයා පසු­ගිය 01 වෙනිදා විදේ­ශ­ග­තව සිට පැමි­ණී­මෙන් පසු නොයෙක් ස්ථාන­ව­ලට යමින් බුදු සසු­නට අප­හාස වන ලෙස හැසි­රෙ­මින් ජන­තාව සමඟ කට­යුතු කර­මින් ඔවුන්ගේ වන්ද­නා­වට ලක් වන බවට මාධ්‍ය­යන්ගේ සැරි­ස­රන වීඩි­යෝ­වක් සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පව­ත්වන ලෙස ඉල්ල­මින් උන්ව­හන්සේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට මෙලෙස පැමි­ණිලි කොට තිබේ. ඒ සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ අංශයේ ආග­මික පැමි­ණිලි අංශය හරහා පරී­ක්ෂා­වට ලක් කොට නීතිය ක්‍රියා­ත්මක කිරී­ම­ටත්, අධි­ක­රණ නියෝ­ග­යක් හරහා මොහුගේ මෙම බුදු දහ­මට නිගා­වන හැසි­රීම් නව­ත්වන ලෙසත් ඔහුගේ මාන­සික තත්ත්ව­යන් පරීක්ෂා කරන ලෙසත් ඉල්ල­මින් උන්ව­හන්සේ මෙම පැමි­ණිල්ල ඉදි­රි­පත් කොට තිබේ.