bandaragama-women-police-incident

බණ්ඩාරගම පොලිසියේ රාජකාරි කරන කාන්තා පොලිස් නිලධාරිනියන් තිදෙනකුට බණ්ඩාරගම හන්දියේ දී අසෝබන වචන පැවසුවේ යැයි කියන තරුණයෝ දෙදෙනෙක් බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා 9 වැනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ බණ්ඩාරගම, වැල්ගල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16ක වයසේ හා අවුරුදු 18ක වයසේ පසුවන තරුණයෝ දෙදෙනෙකි.



 පොලිස් නිලධාරිනියන් තිදෙනකුට අසෝබන වචන පවසා අතවරයක් සිදුකළේ යැයි කියන චෝදනාව යටතේ මෙම තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

මෙම පොලිස් නිලධාරිනියන් තිදෙනා  කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම තරුණයන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

බණ්ඩාරගම පොලිසියේ රාජකාරී කරන කාන්තා පොලිස් සැරයන්වරියක සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු රාජකාරී නිමකර සාමාන්‍ය ඇඳුමෙන් සැරසී ඔවුන්ගේ අවශ්‍යතාවක් සඳහා බණ්ඩාරගම නගරයට යමින් සිට ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

මේ අවස්ථාවේ බණ්ඩාරගම හන්දියේ නතර කර තිබූ ත්‍රිරෝද රථයක් තුළ රැඳී සිටි මෙම සැකකාර තරුණයන් දෙදෙනා

මෙම නිලධාරිනියන් තිදෙනාට අසෝබන වචන කියා ඇතැයි පොලිසිය කියයි.

මේ නිසා කාන්තාව පොලිස් නිලධාරිනියන් තිදෙනා දැඩි අපහසුතාවකට සහ ලජ්ජාවට පත්ව ඇතැයිද කියති.

අත්අඩංගුවට ගත් සැක සැකකාර තරුණයන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට බණ්ඩාරගම පොලිසිය කටයුතු යොදාගෙන යයි.

   ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය