bangladesh-yunus

බංගලාදේශයේ කම්කරු නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් කරන ලද නඩු විභාගයකදී, නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් වරදකරු කර ඇත.
83 හැවිරිදි ඔහු , ඔහුගේ මූල්‍ය බැංකුව වන ග්‍රාමීන් බැංකුව සමඟ මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් මුදවා ගනීමේ ගෞරවයට පාත්‍ර වූ විය.. නමුත් ඔහු, දිළිඳු මිනිසුන්ගෙන් “ලේ උරා බොන” බවට අගමැති ෂීක් හසීනා කළ චෝදනාව මෙම තීරණයට හේතු වී ඇත.

හසීනාගේ පරිපාලනය මේ වන විට දේශපාලන විසම්මුතිය මර්දනය කිරීමේ දී වඩ වඩාත් දැඩි වී ඇත. 2006 වසරේ සාම ත්‍යාගය දිනූ සහ වරක් දේශපාලන ප්‍රතිවාදියෙකු ලෙස සැලකූ යූනුස්ට එරෙහිව ඇය දරුණු වාග් ප්‍රහාර එල්ල කර ඇත .



ඩකාහි තෙවැනි කම්කරු උසාවියේ ප්‍රධානී ෂෙයික් මෙරිනා සුල්තානා විසින් යුනුස් සහ ග්‍රාමීන් ටෙලිකොම් ආයතනයේ සගයන් තිදෙනෙකු වැරදිකරුවන් බව තීරණය කළ අතර, එක් අයෙකුට මාස හය බැගින් සිර දඬුවම් නියම කරන ලදී. අභියාචනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ හතර දෙනාටම වහාම ඇප ලබා දෙන ලදී.

ග්‍රාමීන් ටෙලිකොම් සේවකයින් 67 දෙනෙකු ස්ථිර කිරීමට නියමිත බවත් සේවක සහභාගිත්වය සහ සුබසාධන අරමුදල් පිහිටුවා නොමැති බවත් සුල්තානා සිය තීන්දුවෙන් ප්‍රකාශ කළාය. සමාගමේ ප්‍රතිපත්තියට අනුව සමාගමේ ලාභාංශවලින් 5%ක් කාර්ය මණ්ඩලයට බෙදා දීමට නියමිත බව ද ඇය පැවසුවාය.

"මම නොකළ වරදකට මට දඬුවම් ලැබිලා තියෙනවා" යැයි නඩු විභාගයෙන් පසු , යුනුස් වාර්තාකරුවන්ට පැවසීය.

“මෙම තීන්දුව පෙර නොවූ විරූ එකක් බවත්, යුක්තිය ඉටු වුණේ නැති බවත්, ” යුනුස්ගේ නීතීඥ අබ්දුල්ලා අල් මාමුන් පැවසීය.

ඔහුගේ තවත් නීතීඥයෙකු වන Khaja Tanvir පැවසුවේ ,  "නඩුවේ එකම අරමුණ ලෝකය ඉදිරියේ යුනුස්හට හිරිහැර කිරීම හා අවමානයට ලක් කිරීම වන බවයි."

බංගලාදේශය ජනවාරි 7 වැනිදා මහ මැතිවරණයකට සූදානම් වෙමින් සිටින අතරතුර, දූෂණ හා අරමුදල් අවභාවිතය සම්බන්ධ චෝදනා රැසකට  මුහුණ දී සිටින යුනුස්ට එරෙහිව සඳුදා තීන්දුව ලැබුණි. බංගලාදේශයේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP)  ඉහල නායකයින් සිරගතව හෝ පිටුවහල්ව සිටින අතර,

ඔවුන් විසින් පැවැත්වීමට නියමිත “ඒකපාර්ශ්වික ව්‍යාජ මැතිවරණය” වර්ජනය කරන ලෙස තම ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටී. BNP නායකත්වය දරන්නේ හසීනාගේ පරම ප්‍රතිවාදියා වන හිටපු අගමැතිනී Khaleda Zia විසිනි.

ආර්ථික විද්‍යාඥයෙකු සහ සමාජ ව්‍යවසායකයෙකු වන යුනුස්, එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමෙන් පසු 1970 ගණන්වල බංග්ලාදේශයට පැමිණි අතර, ඔහු ක්ෂුද්‍ර මූල්‍ය බැංකුකරණයේ මුල් පුරෝගාමීන්ගෙන් කෙනෙකි.

යුනුස් මහතා , කම්කරු නීති උල්ලංඝණය කිරීම් සහ බද්ධ කිරීම් සම්බන්ධයෙන් වන තවත් චෝදනා 100කට වැඩි ගණනකට මුහුණ දී සිටී. ඔහු පසුගිය මාසයේ එක් නඩු විභාගයකින් පසුව වාර්තාකරුවන්ට පැවසුවේ , ඔහු විසින් බංග්ලාදේශයේ පිහිටුවා ඇති සමාජ ව්‍යාපාරික ආයතන 50කට වඩා වැඩි ගණනකින් තමා ලාභ නොලබන බවයි.

නොබෙල් ත්‍යාගය දිනාගෙන ටික කලකට පසු, හසීනාගේ අවාමි ලීගය සහ BNP අතර ගැටුමක් පැවති අවධියක, දූෂණය අවසන් කරන බවට පොරොන්දු වෙමින් යූනුස් ඔහුගේම දේශපාලන පක්ෂයක් වන පුරවැසි බලය ආරම්භ කිරීමට පටන් ගත්තේය. ඔහුගේ නව දේශපාලන ව්‍යාපාරයට සහයෝගය නොලැබීම හේතුවෙන් මාස කිහිපයකට පසු ඔහු මැතිවරණයට තරඟ කිරීමේ සැලසුම් අත්හැරියේය. එසේ වුවද,  හසීනාගේ පරිපාලනය යුනුස් පිළිබඳ පරීක්ෂණ මාලාවක් ආරම්භ කළේය.

සඳුදා තීන්දුවට පැමිණ සිටි එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවෙකු ලෙස සේවය කරන හිටපු ඇම්නෙස්ටි ප්‍රධානී අයිරින් ඛාන් පැවසුවේ ,වරදකරු කිරීම

“යුක්තියට කළ සරදමක්” වන බවත්,  “රටට ගෞරවයක් සහ අභිමානයක් ගෙන දුන් සමාජ ක්‍රියාකාරි සහ නොබෙල් ත්‍යාගලාභියෙකුට වද හිංසා පමුණුවනු ලබන්නේ නිෂ්ඵල හේතු මත බවත්ය.

අගෝස්තු මාසයේදී, හිටපු එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා සහ හිටපු එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී-මූන් ඇතුළු ගෝලීය පුද්ගලයින් 160 දෙනෙක් විසින්,  යුනුස්ට සිදු කරන "අඛණ්ඩ අධිකරණ හිරිහැර" හෙලා දකිමින් ඒකාබද්ධ ලිපියක් ප්‍රකාශයට පත් කළහ. එයට අත්සන් තැබූ සෙසු නොබෙල් ත්‍යාගලාභීන් 100 කට වැඩි පිරිසක් ඇතුළු අනෙකුත් පිරිස පැවසුවේ,  යුනුස්ගේ ආරක්ෂාව සහ නිදහස ගැන තමන් බිය වන බවයි.

හසීනාගේ රජය විසින් ගනු ලැබූ රබර් මුද්‍රා තැබීමේ තීරණ සම්බන්ධයෙන් ද විචාරකයින් බංග්ලාදේශ අධිකරණයට චෝදනා කරයි.

නෝර්වීජියානු අරමුදල් අවභාවිත කළ බවට චෝදනා කරන ලද 2010 වාර්තාවකින් පසුව,  යුනුස් සහ ග්‍රාමීන් බැංකුව දශකයකට වැඩි කාලයකට පෙර පරීක්ෂාවට ලක් වූ අතර, පසුව නෝර්වීජියානු පරීක්ෂණයකින් ඔවුන් නිදහස් කරන ලදී.

2011 දී හසීනාගේ පරිපාලනය විසින්,  බැංකුවේ ක්‍රියාකාරකම් පිළිබඳ සමාලෝචනයක් ආරම්භ කළාය. එහි දී රජයේ විශ්‍රාම රෙගුලාසි උල්ලංඝණය කිරීමේ චෝදනාව මත යුනුස් කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙන් නෙරපා හරින ලදී. නොබෙල් ත්‍යාගය සහ  රජයේ අවසරයකින් තොරව මුදල් ලබා ගැනීමේ චෝදනාව මත ඔහු 2013 දී නඩු විභාගයට ලක් විය.