අම්බලන්ගොඩ, බටපොළ ප්‍රදේශයේ නිවසක ඇති දැඩි කරන ලද සුරතල් බලු පැටියෙක් සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධව ලැබුණ පැමිණිල්ලකට අනුව බලුපැටියා රැගෙන ආවේ යැයි කියන ස්ථානයක සීසීටීවී කැමරා දර්ශණ පරික්ෂා කිරීමට අධිකරණයේ අවසරය ලබා ගැනීමට කටයුතු කරන බව බටපොළ පොලීසිය අද (14) ප්‍රකාශ කළේය.
බටපොළ, කල්‍යාණතිස්ස මාවතේ පදිංචි එම් එච් අමල් (38) නැමැති අයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බටපොළ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
රුපියල් ලක්ෂයකට (1,00,000/-) අධික වටිනාකමකින් යුත් මෙම සුරතල් බලු පැටියා ඇති දැඩිකල බටපොල කල්‍යාණතිස්ස මාවතේ පාසල ආසන්නයේ නිවසින් පසුගිය 07 දින අතුරුදන් වී තිබුණි.
අතුරුදන් වූ බලු පැටියා සොයා දෙන අයෙකුට රුපියල් 50 000/- ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව බලුපැටියාගේ ජායාරුපද සහිතව මුහුණ පොතේ පලකරන ලද විස්තරයකට පිළිතුරු ලබා දී ඇති අයකු පවසා ඇත්තේ මෙම බලුපැටියා සිකුරාදා (12) උදේ ත්‍රිරෝද රථයකින් බද්දේගම, නයාපාමුල ඉන්දන පිරවුම්හලට රැගෙන විත් තිබු බව තමන් දුටු බවත්ය. මෙම බලු පැටවා නැතිවීම සම්බන්ධයෙන් බලුපැටියාගේ හිමිකරු මුහුණපොතේ සඳහන් කරන ලද විස්තරයට ලැබුණ ප්‍රතිචාර අනුව නයාපාමුල ඉන්ධන පිරවුම් හළේ සීසීටීවී දර්ශණ පරික්ෂා කිරීමට කටයුතු කරන බව බටපොල පොලිස් ස්ථානාධිපති ජනක සම්පත් මහතා ප්‍රකාශ කළේය.
පැමිණිලිකරු බද්දේගම, නයාපාමුල ඉන්ධන පිරවුම්හලට ගොස් මේ සම්බන්ධයෙන් බටපොළ පොලිසියේ ද සහාය ඇතිව අදාල දිනයේ සීසීටීවී කැමරා දර්ශන ඉල්ලා ඇතත් ඊට යහපත් ප්‍රතිචාර නොලැබීම මත පොලීසිය අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට සැලසුම් කර තිබෙන බව දැන ගන්නට තිබේ.
ඉන්ධන පිරවුම් හළේ හිමිකරු විසින් පළමුවෙන් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සිකුරාදා (12) දින එම දර්ශණ ලබාදෙන බවයි. නමුත් සිකුරාදා (12) උදෑසන එම දර්ශන ලබා ගැනීමට ගිය අවස්ථාවේ දී තෙල් සංස්ථාවේ අවසරයකින් තොරව මෙම දර්ශන ලබා දිය නොහැකි බව ප්‍රකාශ කල බවත් ඉන්ධන පිරවුම් හලේ හිමිකරුගේ දුරකථන අංකය සේවකයින් සතුව නොමැති බව එහි කලමනාකරු ලෙස පෙනි සිටි අයෙකු ප්‍රකාශ කල බවත් පැමිණිල්ලේ වැඩි දුරටත් සදහන් වේ.
මෙම බලු පැටවා හිමිකරුගේ නිවස ආසන්නයේ පදිංචිකාරියක විසින් රදවාගෙන ඇයට හිතවත් පෝද්දල පදිංචි පොලිසියේ සේවය කරන අයෙකුට ලබා දී තිබෙන බව මෙතෙක් කරන ලද පරීක්ෂණ වලදී තහවුරු වී තිබෙන බව බටපොළ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. මෙම පොලීසියේ සේවය කරන අයගේ යම් බලපෑමක් මත ඉන්දන පිරවුම් පොළ සීසීටීවී කැමරා දර්ශණ ලබා දීම ප්‍රතික්ශේප කර තිබේද යන්න සම්බන්ධයෙන්ද පොලීසියේ අවධානය යොමු වි තිබෙන බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.
බටපොල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක සම්පත් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
අතුරුදන් වී ඇතු බලු පැටවා සහ බලුපැටවා රැගෙන ආ බව කියන බද්දේගම, නයාපාමුල ඉන්ධන පිරවුම් හල ඡායාරූප වල දැක්වේ.
ජයකාන්ත ලියනගේ - බළපිටිය
0 Comments