beliatta-murder-update

තංගල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ විභා­ග­වන මිනිස් ඝාතන නඩු­ව­කට පෙනී සිටී­මට යමින් සිටි අපේ ජන­බල පක්ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීජ් සමන් ඇතුළු පස් දෙනකු ඝාත­නය කර­මින් දක්ෂිණ අධි­වේගී මාර්ගයේ බෙලි­අත්ත පිවි­සුම ආස­න්න­යේදී පෙරේදා (21) උදෑ­සන එල්ල­වුණු වෙඩි ප්‍රහා­රය සම්බ­න්ධී­ක­ර­ණය කළ බව කියන පුද්ග­ල­යාව හඳු­නා­ගෙන කොටු කර ගැනී­මට පොලි­සිය සමත්ව ඇත.

වෙඩි­ක්ක­රු­වන් පැමිණි ජිප් රථ­යද මේ වන­විට පරි­හ­ර­ණය කරන පුද්ග­ලයා කවු­රුන්ද යන්නද හඳුනා ගැනී­මට හැකි­යාව ලැබී තිබේ. ජිප් රථය ඊයේ සවස් වන විටත් කඹු­රු­පි­ටිය ප්‍රදේ­ශය ආශ්‍රි­තව යම් ස්ථාන­යක නතර කර තිබී ඇත.

එම ජිප් රථය සමඟ මෙම ප්‍රහා­රය සම්බ­න්ධී­ක­ර­ණය කරන ලද පුද්ග­ල­යාව අත්අ­ඩං­ගු­වට ගැනී­මට විශේෂ පොලි­ස්‌ ­මෙ­හෙ­යු­මක් ඊයේ රාත්‍රියේ දියත් කර තිබුණි.

මෙම ප්‍රහා­ර­යට හමු­දා­වට සම්බන්ධ අයෙක්ද පැමිණ ඇති බව මේ වන විටත් තහ­වුරු වී ඇත. එම පුද්ග­ල­යාව අද හෙටම අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වෙතැයි පොලි­සිය විශ්වාස කරයි.

මෙම ප්‍රහා­රය සම්බ­න්ධී­ක­ර­ණය කරන ලද පුද්ග­ලයා විවිධ අප­රා­ධ­ව­ලට සම්බන්ධ අයෙකි. වසර හය හතක්ම ඔහු බන්ධ­නා­ගා­ර­ග­තව සිටි අයෙක් බවද සඳ­හන්ය.


බෙලි­අත්තේ සිදුවූ මෙම පංච පුද්ගල ඝාත­නය සම්බ­න්ධ­යෙන් බොහෝ තොර­තුරු මෙම ප්‍රහා­රය සම්බ­න්ධී­ක­ර­ණය කරන ලද සැක­ක­රු­ගෙන් අද වන විට අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි වෙතැයි පොලි­සිය විශ්වාස කරයි.

ඒ අනුව මෙම ප්‍රහා­ර­යට සම්බන්ධ සෙසු සැක­ක­රු­වන් හඳු­නා­ගෙන අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි වනු ඇතැයි පොලි­සිය අපේක්ෂා කරයි.

ජීප් රියෙන් බැසි සැකකරු පාසල් සිසුන් භාවි­ත­ක­රනු ලබන කළු පැහැති බෑග­යක් කරේ එල්ලා­ගෙන මුව ආව­ර­ණ­යක්ද එම අව­ස්ථාවේ දී පැළද සිට ඇත.

සාමාන්‍ය ඇඳු­ම­කින් සැරසී සිටි ඔහු වැඩි කල­බ­ල­ය­කින් තොරව ජිප් රථ­යෙන් බැස මාර්ගය දිගේ ඇවි­ද­ගෙන ගොස් මාතර බලා යන මගී බස් රථ­ය­කට ගොඩවී තිබේ. ඒ අතර ජිප් රථය කඹු­රු­පි­ටිය නග­රය පසු­කර ගම­න්කර ඇත.

මෙම කරුණු හෙළිවී ඇත්තේ වෙඩි­ක්ක­රු­වන් ගමන් කළ ජිප් රථය පළා­ගිය මඟ දෙපස වෙළඳ සැල් හා නිවා­ස­වල ඇති ආර­ක්ෂක කැමරා රැසක් පරී­ක්ෂා­ක­ර­මින් කළ විම­ර්ශ­න­ය­ක­දීය.

මාතර බස් රථ­යට ගොඩ­වුණු වෙඩි­ක්කරු බස් රථ­යෙන් බසින ලද්දේ කුමන ප්‍රදේ­ශ­ය­ක­දී­දැයි සොයා ද මේ වන විට විම­ර්ශ­න­යක් ආර­ම්භ­කර ඇති අතර ජිප් රථයේ ගමන් මඟද මේ වන විට ආර­ක්ෂක කැමරා 100කට වැඩි ප්‍රමා­ණ­යක් පිරි­ස්ස­මින් සොයා බල­මින් සිටින බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

වෙඩි­ක්ක­රු­වන් ගමන් ගත් මෙම ජිප් රථය වෙඩි ප්‍රහා­ර­යෙන් පසු පළා­ගියේ කඹු­රු­පි­ටිය නග­රය ඔස්සේ මෙන්ම රථය මෙම ප්‍රහා­ර­යට සූදා­න­මින් වෙඩි­ක්ක­රු­වන්ද රැගෙන පැමිණ ඇත්තේ කඹු­රු­පි­ටිය දෙස සිට බව පෙනී ගොස් තිබේ.


විම­ර්ශ­න­යේදී පෙනී ගොස් ඇති අකා­ර­යට අනුව වෙඩි­ක්ක­රු­වන් පැමිණි ජිප් රථ­යයේ සිටි වෙඩි­ක්ක­රු­වන් සිය ඉල­ක්කය ලබා­ගැ­නී­මට අධි­වේගී මාර්ගයේ අන්තර් හුව­මා­රුව ආස­න්නයේ බොහෝ වේලා­වක් තිස්සේ රැඳී සිට ඇත.

සමන් පෙරේරා ඇතුළු පිරිස අධි­වේගී මාර්ගය ඔස්සේ පැමි­ණෙන විට වෙඩි­ක්ක­රු­වන්ට කල්තියා තොර­තුරු ලැබී ඇති බව විශ්වාස කරන විම­ර්ශන නිල­ධා­රීන් එසේ අප­රා­ධ­ක­රු­වන් අතර තොර­තුරු හුව­මා­රු­වීම් සිදුවී තිබේ­දැයි තහ­වු­රු­කර ගැනී­මට දුර­ක­ථන ජාල පරී­ක්ෂා­වක්ද මේ වන විට සිදු­ක­ර­මින් පවතී. එසේම වෙඩි­ක්ක­රු­වන් රැගත් ජිප් රථය ගම­න්කළ මාර්ග මේ වන විට හඳු­නා­ගෙන සිටින බැවින් දුර­ක­ථන ජාල විම­ර්ශ­න­යට එය මහත් පහ­සු­වක් වී ඇති බව ද පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. හඳු­නා­ගෙන ඇති ආකා­ර­යට අනුව වෙඩි­ක්ක­රු­වන් පැමිණි වාහ­නයේ සට­හන්ව තිබී ඇත්තේ 65-2615 අංක­යයි. එම අංකය එම වාහ­නයේ සැබෑ අංකය නොවන බවත් වෙනත් වාහ­න­යක අංක­යක් බවත් විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී තිබේ.

ආර­ක්ෂක කැමරා මගින් හඳු­නා­ගත් කඹු­රු­පි­ටි­යෙන් බැස මාතර බස් රථ­යට ගොඩ වූ පුද්ග­ල­යාගේ රුව කඹු­රු­පි­ටිය නග­රයේ ඇති ආර­ක්ෂක කැමරා කිහි­ප­ය­කම සට­හන්ව තිබී ඇත. ඒ ඔස්සේ ඔහුගේ මුහුණේ තර­මක් පැහැ­දිලි ඡායා­රූ­ප­යක්ද මතු­කර ගැනී­මට හැකි­යාව ලැබී ඇත. එම ඡායා­රූ­පය ගුව­න්තො­ටු­පල ස්වයං­ක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධ­තිය (AFRS) වෙත මේ වන විටත් යොමු­කර ඇති බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

මෙම පස් පුද්ගල ඝාත­නය මෙහෙ­යවා ඇත්තේ ඩුබායි හී රැඳී සිටින ප්‍රබල පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වෙක් මෙන්ම මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වෙක් වන කොස්ගොඩ සුජී නමැති අය බවට තොර­තුරු මේ වන විට පොලි­සිය හඳු­නා­ගෙන ඇත. කුළී ඝාත­ක­යන් පිරි­සක් යොදා ඔහු මෙම වෙඩි ප්‍රහා­රය එල්ල­කර ඇති බව පෙනී යන්නේ යැයි විම­ර්ශන භාර උසස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය. කොස්ගොඩ සුජීගේ කුලී ඝාත­ක­යන් අතර හමු­දා­ව­ලින් පළා­ගිය පිරිස්ද එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩි­ක්ක­රු­වන්ද සිටින බව එම නිල­ධා­රියා කීය. මෙම ප්‍රහා­රය එල්ල­කර ඇත්තේ මනා­වට ගිනි අවි පුහු­ණුව ලැබූ­වෙක් බව පෙනී යන බව ද එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් පැව­සු­වේය.

කොස්ගොඩ සුජී විසින් මෙම ප්‍රහා­රය මෙහෙ­යවා ඇති බව අනා­ව­ර­ණය වීමත් සමඟ වැඩ බලන පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා අප­රාධ වාර්තා කොට්ඨා­සයේ අධ්‍ය­ක්ෂ­ව­ර­යාට ඊයේ උප­දෙස් ලබා දී ඇත්තේ කොස්ගොඩ සුජීගේ අප­රාධ හා මත්ද්‍රව්‍ය ජාල­යට සම්බන්ධ සිය­ලුම සහ­ය­ක­යන්ගේ ජාල ගත වාර්තා­වක් වහාම ලබා­දෙන ලෙසය.


මෙම වෙඩි තැබීම සම්බ­න්ධ­යෙන් කෙරන විම­ර්ශන ප්‍රග­තිය විමසා දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා ඇතුළු උසස් නිල­ධා­රීන් පිරි­සක් සමඟ වැඩ­බ­ලන පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා ඊයේ (23) උදෑ­සන මාර්ග­ගත ක්‍රම­වේ­දය (Online) පැවැති විශේෂ සාක­ච්ඡා­වේදී මෙම උප­දෙස් ලබා දී තිබේ. මෙම මාර්ග­ගත සාක­ච්ඡා­වට විශේෂ කාර්ය බල­කායේ නියෝජ්‍ය පොලි­ස්පති, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාර නියෝජ්‍ය පොලි­ස්පති ඇතුළු උසස් පොලිස් නිල­ධා­රීන් පිරි­සක් සහ­භාගි වී ඇත.

ඝාත­නය වූ සමන් පෙරේ­රාට එරෙ­හිව ඝාතන චෝදනා ඇති බවත් 2004 වර්ෂ­යේදී කොස්ගොඩ පොලිස් වසමේ දී කොස්ගොඩ සුජීගේ මාමා සහ සහෝ­ද­රයා ඝාත­නය කිරීම සම්බ­න්ධ­යෙන් ඔහුට චෝදනා එල්ලවී ඇති බවත් පොලි­සිය කියයි. 2016 වර්ෂ­යේදී ගාල්ල පොලිස් වසමේ දී සුජීගේ ඥාති­යකු ඝාත­නය කිරීම සම්බ­න්ධ­යෙන්ද සමන් පෙරේ­රාට චෝදනා එල්ලවී තිබී ඇත.

සමන් පෙරේරා ඉල­ක්ක­ර­ගෙන කොස්ගොඩ සුජී විසින් 2018 වර්ෂයේ දී ඉදු­රුව ප්‍රදේ­ශයේ දී ඔහු ගම­න්ක­ර­මින් සිටි වාහ­න­යට වෙඩි තබා තිබේ. එහි දී ඔහු සමඟ සිටි විදේ­ශ­ක­යකු බර­ප­තළ තුවාල ලබා තිබුණි.

කොස්ගොඩ සුජී සහ සමන් පෙරේරා අතර දීර්ඝ කාල­යක් තිස්සේ පැවැති ආර­වු­ලක ප්‍රති­ඵ­ල­යක් නිසා බෙලි­අත්තේ ප්‍රහා­රය සිදුව ඇති බව පෙනී ගොස් තිබේ. දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති සජීව මැද­වත්ත මහතා යටතේ විම­ර්ශන කණ්ඩා­යම් 06ක් පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳ­හන් කළේය. ඒ හැරුණු කොට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව, විශේෂ කාර්ය බල­කාය, පොලිස් විශේෂ කාර්යාං­ශය ඇතුළු විශේ­ෂිත පොලිස් අංශ කිහි­ප­යක්ම එම විම­ර්ශ­න­යන්ට සහාය ලබා­දෙන බව සඳ­හන්ය.

මේ අතර ඝාත­නය වූ පස්දෙ­නාගේ පශ්චාත් මරණ පරී­ක්ෂණ කට­යුතු තංගල්ල රෝහලේ දී ඊයේ සවස සිදු කරන ලදී.

රථයේ රිය­දුරා ලෙස කට­යුතු කළ රාජ­පක්ෂ නමැති අයගේ බෙල්ල ප්‍රදේ­ශ­යට වෙඩි වැදී­මෙන් ඇතිවූ තුවා­ල­යක් හේතු­වෙන් අභ්‍ය­න්තර ලේ වහ­නය නිසා ඔහුගේ මර­ණය සිදුවී ඇති බවත් සෙසු සිවු දෙනාගේ මරණ සිදුව ඇත්තේ හිසට වෙඩි වැදී­මෙන් මොල­යට සිදුවූ හානි හේතු­වෙන් බවත් තංගල්ල රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී ප්‍රසන්න සෙල්ල­හේවා, අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී ඒ, එස්, සෙනෙ­වි­රත්න යන මහ­ත්වරු විසින් සිදු­කළ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණයේ දී අනා­ව­ර­ණය වී තිබේ.

හිසට අම­ත­රව සිරුරේ ස්ථාන රැස­ක­ටද වෙඩි වැදීම් තිබී ඇතත් එම තුවාල මර­ණ­යට හේතුවී නැති බව සඳ­හන්ය.

 (ගයාන් කුමාර වීර­සිංහ/රක්ෂණ ශ්‍රියන්ත/රාහුල් සමන්ත හෙට්ටි­ආ­රච්චි)