දින කිහිපයකට උඩදී තම සිව් හැවිරිදි පුත්‍රයා ඝාතනය කළ බව කියන බෙංගාලෝර් ප්‍රධාන විධායක නිලධාරිනියකගේ අත් අකුරින් ලියූ සටහනක් සොයාගෙන ඇති බව ඉන්දීය පොලිස් ආරංචි මාර්ග පවසා ඇත.
සටහනේ ලියා ඇති කරුණු සම්බන්ධව නිශ්චිත අන්තර්ගතයක් පොලිසිය හෙළි කර නොමැති අතර ආරංචි මාර්ග වලින් පැහැදිලි වන්නේ විත්තිකාරිය වන සුචනා සෙත් තම විරසක සැමියා සමඟ ඇති කටුක සබඳතාව ගැන එහි ලියා ඇති බවයි.
39 වියෙහි පසු වූ ඇය ගෝවා හි හෝටල් කාමරයක් තුළදී තම පුත්‍රයා ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව ඇති අතර එසේ නිරන්තර ගැටුම් හටගෙන ඇත්තේ දරුවාගේ භාරකාරීත්වය සම්බන්ධ ප්‍රශ්නයක් මත බව දැනෙට ලැබී ඇති සාක්ෂි මත පිලිබිබු වන බව පොලිසිය සදහන් කර ඇත.
මේ වන විට ඇය වෛද්‍ය පරීක්ෂණයකට මෙන්ම මනෝවිද්‍යාත්මක සොයාබැලිමකටද ලක් වූ අතර එහිදී සිදුවූ මෙම සිදුවීම හේතුවෙන් මේ දක්වා "කිසිදු පසුතැවිල්ලක්" නොපෙන්වා නැත.
කෙසේනමුත් ඇය විමර්ශනයට සහයෝගය නොදැක්වූ බව වාර්තා වෙයි.
සොයාගත් සටහන අයි ලයිනර් එකකින් ටිෂූ කඩදාසියක් මත ලියු සටහනක් බව පොලිසිය පවසයි.
එය මේ වන විට අත් අකුරු විශේෂඥයකු විසින් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය විද්‍යාගාරය (FSL) වෙත යවා ඇත.
ඇගේ සැමියා වූ වෙන්කට් රාමන් සමඟ ඇති ඇගේ දුර්වල පවුල් සම්බන්ධය සහ දරුවා හමුවීමට රමන්ට අවසර දුන් අධිකරණ නියෝගය ගැන ඇය නොසතුටට පත් වූ ආකාරය සටහනෙන් ඉඟි කර ඇත.
එම සටහන මගින් ඇගේ මානසික තත්ත්වය අනාවරණය කරන බව පොලිසිය පවසා ඇත.
විත්තිකාරිය වන සුචනා සෙත් යනු 'The Mindful AI Lab' හි ප්‍රධාන විධායක නිලධාරිනිය වන අතර, ඇයගේ LinkedIn ගිණුමේ නිර්වචනයට අනුව,ඇය AI ආචාර ධර්ම විශේෂඥවරියක් සහ දත්ත විද්‍යාඥවරියක් වන අතර, දත්ත විද්‍යා කණ්ඩායම්වලට උපදේශකත්වය ලබා දීම සහ ආරම්භක ආයතනවල යන්ත්‍ර ඉගෙනුම් විසඳුම් පරිමාණය කිරීම පිළිබඳ වසර 12 කට වැඩි පළපුරුද්දක් ඇත.
ඇය ජනවාරි 6 වන දින කැන්ඩොලිම් හි මහල් නිවාසයට ඇතුළු වූ අතර ජනවාරි 8 වනදා දක්වා එහි රැඳී සිට ඇත.
ඇය සඳුදා කුලී රථයකින් අසල්වැසි කර්නාටක වෙත ගෙන යාමට පෙර තම පුතා මහල් නිවාසයේදී මරා දමා මල්ලක පුරවා ගත් බව පොලිසිය පවසා ඇත.
මහල් නිවාස කාර්ය මණ්ඩලය කාමරය පිරිසිදු කිරීමට ගිය විට තුවායක දුටු ලේ පැල්ලම් අනුව වහාම පොලිසිය කැදවා ක්‍රියාත්මක වී ඇත.
එහිදී කාර්ය මණ්ඩලය පොලිසිය වෙත පවසා ඇත්තේ ඇය අසාමාන්‍ය ලෙස බර බෑගයක් රැගෙන ගිය බවත්, ඇගේ පුතා ඇය සමඟ නොසිටි බවත්ය.
කෙසේනමුත් ඇගේ සිව් හැවිරිදි දරුවා රෙදි කැබැල්ලකින් හෝ කොට්ටයකින් සිරකර ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණයවී ඇත.
0 Comments