bensi-arrested-in-piliyandala

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන “පෑලියගොඩ කලණ” නමැත්තාගේ, මත්ද්‍රව්‍ය ජාලයේ ගෝලයකු වන “බොරලැස්ගමුවේ ඛෙන්සි” නමැත්තා රුපියල් ලක්ෂ 30 කට ආසන්න වටිනා කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් සමග අත්අඩංගුවට ගෙන ඇත.



ප්‍රධාන සැකකරු සමඟ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක් ස්මාට් වර්ගයේ ජංගම දුරකථන 6 ක් ඇතුළු දුරකථන 9 ක්, විද්‍යුත් තරාදියක්, අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිරීමට ගන්නා ඉටි කවර රෝලක්, ගම්සැප් රෝලක් පොලිස් බාරයට ගෙන ඇත.පිළියන්දල ගැඩබුවාන අලුත් පාර ප්‍රදේශයේ බෝඩිම් කාමරයක රැඳී සිටින පුද්ගලයකු මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකරන බවට පිළියන්දල පොලිසියේ දූෂණ මර්දන  අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත තිලකරත්න මහතාට ලද තොරතුරකට අනුව

සැකකරු එම කාමරය තුළදී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක පැකට්ටුවක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

එම ස්ථානය වටලන අවස්ථාවේදී ඊට යාබද කාමරයේ නවාතැන්ගෙන සිටි පුද්ගලයාද අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී තවත් අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.ප්‍රධාන සැකකරු පොලිසියට රැගෙන ඒ මෙන් අනතුරුව සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව සැකකරුගේ සැකකරුගේ මග පෙන්වීම මත තවත් කොකේන් ග්‍රෑම් 25ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක් සැකකරු නවාතැන් ගෙන සිටින කාමරයේ පිටුපස නාන කාමරයේ සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.

ඩුබායි රාජ්‍යයේ සිටින කලණ නමැත්තා වම්සැප් තාක්ෂණය ඔස්සේ ලබා දෙන උපදෙස් අනුව ක

ොකේන් මත්ද්‍රව්‍ය පමණක් ඔහු නම් කරන පුද්ගලයන්ට පමණක් ලබා දෙන බවත් සෙසු මත්ද්‍රව්‍ය සාමාන්‍ය පරිදි අලෙවි කරන බවත් සැකකරු පාපෝච්චාරණය කර ඇත. කොකේන් මත්ද්‍රව්‍ය මිලදී ගන්නා බහුතරයක් පුද්ගලයන් සමාජ ශාලාවලට යන එන්නන් බවද ඒවායේ මුදල් පරිපාලනය ද කලණ නැමැත්තා විසින්ම කරනු ඇතැයි සැකකරු පවසා ඇත.මෙම මත්ද්‍රව්‍ය සියල්ලම නාඳුනන තරුණියන් වත්තල ප්‍රදේශයට රැගෙනවිත් තමන් වෙත ලබාදෙන බවත් ඒ බව කල්තියා කලණ නමැත්තා තමන්ට දැනුම් දෙන බවත් සැකකරු වැඩිදුරටත් පවසා ඇත. සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින හතක කාලයකට රැඳවුම් නියෝග වැඩිදුර විමර්ශන ලබා ගෙන සිදුකිරීමට නියමිතය.
බිමල් ජයසිංහ