california-killer-whale-sightings-southern-coast-orcas

තල්මසුන් නිරීක්ෂකයින් "අතිශයින් දුර්ලභ" ලෙස හදුනාගෙන ඇති ඕර්කා  නම් තල්මසුන් විශේෂය දකුණු කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් දිස්විමෙන් මවිතයට පත්ව ඇත.

මාස කිහිපයක් වයසැති පැටවෙකු ඇතුළු තල්මසුන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය සති දෙක තුළ දකුණු කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් Oxnard සහ San Diego අතර දක්නට ලැබුනු බව ඔවුන් පවසා ඇත.

මේ පිලිබදව කතිකාවත සමාජ මාධ්‍යය තුළද පැතිර ගොස් තිබු අතර එහි සංසරණය වූ සමහරක් රූප රාමු වලින් පෙනීගොස් තිබුනේ යෝධ තල්මසුන් ඩොල්ෆින් අල්ලා ගැනීම සඳහා අහසට පැනීම සහ උනන්දුවෙන් නරඹන්නන්ගෙන් පිරුණු බෝට්ටු  තුළට පැමිණෙන ආකාරයයි.




තල්මසුන් යනු මෙක්සිකෝවේ සහ මධ්‍යම ඇමරිකාවේ ජලයට  ඔබ්බෙන් වාසය කරන නැගෙනහිර නිවර්තන පැසිෆික් ඕර්කාස් හි ජනගහනයෙන් කොටසකි. නමුත් ඔවුන්ට  හවායි දක්වා බටහිර දෙසට ගමන් කිරීමේ හැකියාව ඇත.

තල්මසුන් නැරඹීමේ බෝට්ටු සාමාන්‍යයෙන් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී දැඩි අවධානයෙන් සිටින බව Newport Landing & Davey's Locker Whale Watching හි අධ්‍යාපන හා සන්නිවේදන කළමනාකාරිනී Jessica Rodriguez පවසා ඇත.


නමුත් මෙම ස්ථානයේ ඔර්කා විශාල ප්‍රමාණයක් අල්ලා ගැනීම සහ සති දෙකක කාලයක් තුළ අඛණ්ඩව කිහිප වතාවක් මොවුන් දැකීමට ලැබීම අතිශයින් දුර්ලභ ,ඉතා අසාමාන්‍යය තත්ත්වයක් බව ඇය පවසා ඇත.


2018 අගභාගයේදී, නැගෙනහිර නිවර්තන පැසිෆික් කලාපයේ තල්මසුන් කණ්ඩායමක් දින 10 ක් මෙලෙසින්ම ප්‍රදේශයේ ගත කර ඇත.

 නමුත් මේ වසර තුල සිටින ප්‍රමාණය වැඩිය.

Rodriguez පවසන්නේ මෙම වසරේ El Niño හි උණුසුම් ජල තත්ත්‍වය හේතුවෙන් ඔවුන් අවට එල්ලී සිටිය හැකි බවයි.

Rodriguez වැඩි දුරටත් පවසන්නේ ඔවුන් සාමාන්‍යයෙන් උණුසුම් ජල ඝාතක තල්මසුන් වන අතර, ඔවුන් බජා වෙරළට ඔබ්බෙන් වූ එම උණුසුම් ජලයේ රැඳී සිටීමට කැමති බවයි එසේම සාමාන්‍යයෙන් මෙක්සිකෝවේ සහ දකුණු ඇමරිකාවේ මෙවැනි මිනීමරු තල්මසුන් දැකීමට හැකි බවයි.




තල්මසුන් ව්‍යාපෘතියේ ප්‍රධාන පර්යේෂණ ජීව විද්‍යාඥ Alisa Schulman-Janiger පවසන්නේ සාමාන්‍ය ඩොල්ෆින් එම ප්‍රදේශයේ  බහුල වීම නිසා ඔවුන් එහි  තබා ගත හැකි බවයි.

ඔවුන් වැඩිපුරම ආහාරයට ගන්නේ ඩොල්ෆින් වැනි සාගර ක්ෂීරපායින් වන අතර මාළුන්  සහ මෝරුන්ද ඔවුන්ගේ  ගොදුරු වනු ඇත.


2008 දී, ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (Noaa) මෙම ප්‍රදේශයේ ඝාතක තල්මසුන්ගේ නාමාවලියක් එක් කොට ඇත.

එය එහි  ජීවත් වන විවිධ කණ්ඩායම් 52 කින් 192 ක් ය

තල්මසුන්ගෙන් බොහෝ දෙනෙක් කුඩා තල්මසුන්ය


Schulman-Janiger  පවසන්නේ සැබවින්ම මෙම අවස්ථාව පර්යේෂකයන්ට මෙන්ම තල්මස්  ලෝලීන්ට  ස්වර්ණමය කාලයක් බවය


විද්‍යාඥයින් ඔවුන්ගේ ආහාර ගැනීමේ හැසිරීම, ගොදුරු බෙදාගැනීම සහ එකිනෙකා සහ බෝට්ටු සමඟ අන්තර් ක්‍රියා ලේඛනගත කිරීමට බලාපොරොත්තු වන බවද පවසා ඇත.


ඇලස්කාවේ මත්ස්‍ය හා ක්‍රීඩා දෙපාර්තමේන්තුවට අනුව, කැලිෆෝනියාවේ ජලයේ ජීවත් වන තවත් මිනීමරු තල්මසුන් ඇත.

එසේම ක්ෂීරපායින් අනුභව කරන තල්මසුන් 105 ක් පමණ එම ප්‍රදේශය වසර පුරා ඔවුන්ගේ නිවහන කර ගනු ඇත

රොඩ්රිගස් පවසන්නේ අඩි 20ක් දිග ඔර්කාස් ගොදුර අල්ලා ගැනීමට ගුවනින් අඩි 10ක් පනිනවා ඇය දැක ඇති බවත්, පසුව එම ගොදුර සියල්ලන් සමග බෙදා ගත්  බවත්ය

සමහර විට ඔවුන් එසේ සිදු කරන්නේ තම කුඩා පැටවුන්ට ගොදුරු සොයාගන්න සැටි පුරුදු කිරීමටද විය හැක.

නැඟෙනහිර නිවර්තන පැසිෆික් සාගරයේ සිට ඕර්කාස් දැකීම විශේෂ දෙයක් වී ඇත.



ඔවුන් සමාජීය, බුද්ධිමත්, පවුලට නැඹුරු සහ අග්රස්ථ විලෝපිකයන්ය.

නැරඹීමේ කපිතාන්වරුන් බොහෝ තල්මසුන් විශේෂයෙන් බෝට්ටු වලට මිත්‍රශීලී බව නිරීක්ෂණය කර ඇත.


ඔවුන් ක්‍රියාශීලීව දඩයම් කරන අතරතුර මිනිසුන් ඔවුන් දෙස බලා සිටීම ගැන සැලකිලිමත් වන්නේ නැත.

Schulman-Janiger පැවසුවේ  තල්මසුන් බෝට්ටු විනෝද ජනක ක්‍රියාවක් ලෙස දකින බවයි.

රොඩ්‍රිගස් පැවසුවේ ඔවුන් බෝට්ටුවට නැඟී මිනිසුන් දෙස බැලීමට පමණක් නතර වන” බවයි.


කෙසේනමුත් අවසනදී රොඩ්රිගස් පවසන්නේ, මෙම ජීවීන් දැකීම ඇත්ත වශයෙන්ම බොහෝ මිනිසුන්ට උද්යෝගයක් ඇති කරන බවයි .