chef-ghana-failatu-abdul-razak-aims-to-break-world-record-with-120-hour-cookathon

ඝානාවේ සූපවේදිනියක  පිසීම් සිදු කිරීමේ 'මැරතන්' තරගයකින් පැය 120ක් ඉක්මවා යමින් ලෝක වාර්තාවක් තැබීමට ඉලක්ක කරන බව විදෙස් වාර්තා  වාර්තා කර තිබේ.
ඝානාවේ සූපවේදිනිය අලුත් අවුරුදු දිනයේ සිට සජීවී රූපවාහිනියේ මෙම කටයුත්ත අරඹා ඇත.



ෆයිලාටු අබ්දුල්-රසාක් නමැති කාන්තාවක  උතුරු තමලේ නගරයේ හෝටලයක පැය 110 කට වඩා වැඩි කාලයක් ආහාර  පිසූ අතර එහිදී  අයර්ලන්ත සූපවේදියෙකු වන ඇලන් ෆිෂර් විසින් තබා තිබූ පැය 119 යි මිනිත්තු 57 ක  ගිනස් ලෝක වාර්තාව බිඳ දැමීමට අපේක්ෂා කර ඇත.

මෙම උත්සාහය බොහෝදෙනා අගය කල අතර  ප්‍රීති ඝෝෂා පවත්වා සතුට සැමරීමට තරම් ප්‍රබල වී ඇත.

ඝානාවේ සූපවේදීන්ගේ සංගමයේ සභාපති අයිසැක් සාකී පවසන්නේ" මැයි මාසයේදී ෆිෂර් පැය 100 කට වැඩි නයිජීරියානු සූපවේදී Hilda Baci ලෝක ඉවුම් පිහුම් වාර්තාවට හිමිකම් කී බවත්, ඝානාවේ මේ වනවිට ලෝක වාර්තා උත්සාහ උමතුවක් මතුව ඇති බවත් ය.