bihar-woman-allegedly-kills-husband-after-he-objects-to-making-reels

Instagram   හි රීල් වීඩියෝ නිර්මාණය කරමින් ඒවා උඩු ගත කරමින් සිටියදී එය නොකරන්නැයි විරුද්ධ වීම නිසා තම 25 හැවිරිදි සැමියා මරාදමන්නට බිරියක කටයුතු කළ සිදුවීමක් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ Fafaut ගම්මානයෙන් වාර්තා වෙයි.

ඉන්දීය මාධ්‍යවලට අනුව මියගිය පුද්ගලයා  මහේෂ්වර් කුමාර් රායි ලෙස හඳුනාගෙන ඇති අතර,   මීට වසර හයකට පෙර රාණි කුමාරි නම් වූ මෙම තැනැත්තිය සමඟ විවාහ වී ඇත.  විවාහයෙන් මෙම යුවළට පස් හැවිරිදි පුතෙකු ද සිටී.



මහේෂ්වර් කොල්කටා හි කම්කරුවෙකු ලෙස සේවය කළ අතර මෑතකදී නිවසට පැමිණ තිබේ. ඔහුගේ බිරිඳ ප්‍රසිද්ධ ගීතවල රීල් (කෙටි වීඩියෝ) සාදා ඒවා Instagram හි පළ කළේය. මෙම කාන්තාවගේ Instagram හි අනුගාමිකයින් 9,500 කට වඩා පිරිසක් සිටින අතර , ඇගේ Instagram පිටුවෙහි රීල් 500 කට වඩා පළ කර ඇත.

 බිරිඳ විසින් සිදු කරන මෙම රීල් සෑදීම සම්බන්ධයෙන් මහේෂ්වර් සිය විරුද්ධත්වය පළ කිරීමෙන් පසුව යුවළ අතර ආරවුලක් ඇති විය.

මෙම පුද්ගලයා ඉරිදා රාත්‍රියේ ඔහුගේ නැන්දම්මාගේ නිවසට ගොස් ඇති අතර,  ඔහුගේ සහෝදරයා වන රුඩාල් ඔහුට ජංගම දුරකථනය හරහා කතා කරමින් සිට ඇත. එම අවස්ථාවේ වෙනත් අයෙකු දුරකථනය ගත් බවත්,

එහි දී දුරකථනය ඔස්සේ බහින්බස්වීමක් ඇසුණු බවත් රුඩාල් පැවසීය. ඒත් සමග රුඩාල් තම පවුලේ අය හා මහේෂ්වර් ගේ නැන්දම්මාගේ නිවසට ළඟා වී ඇති අතර,  නිවස තුළ තිබී මහේෂ්වර් රායිගේ සිරුර සොයා ගත් බව පවසා ඇත.

මහේෂ්වර් ගේ  පියා චෝදනා කළේ , ඔහු ගෙල වැලලාගෙන මියගොස් ඇති බවත්, එම ස්ථානයට යන විට කාන්තාවගේ පවුලේ සාමාජිකයින් නිවසින් අතුරුදන්ව සිටි බවටත්ය. රෝහලට ගෙන යන මුවාවෙන් හතර දෙනෙකු එකතුව මළ සිරුර සැගවීමට උත්සාහ කරනු දුටු බවට ද පවුලේ අය චෝදනා කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී ඇති අතර දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රැගෙන ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පැවැත්වේ.