uncle-who-secretly-molested-14-daughter-with-sleeping-pills-for-a-long-time-was-caught-by-accident

යාපනය, චුන්නාගම් මයිලන්ගාඩු ප්‍රදේශයේදී අවුරුදු 14 ක දැරියක් දූෂණය කළ දැරියගේ මාමා කෙනෙකු පොලිසිය විසින් 15 දා අත් අඩංගුවට ගෙන තිබේ.



චුන්නාකම් පොලිසිය ප්‍රකාශ කලේ මේ පුද්ගලයා නිවසේ කිසිවෙකු නොමැති අවස්ථා වලදී දැරියට නිදි පෙති මුසු කළ පැණි බීම පානය කිරීමට දී ඇය නින්දට ගිය පසු දූෂණය කොට ඇති බවයි.

කාලයක් තිස්සේම ඔහු මෙම ක්‍රියාව සිදු කොට ඇති අතර හදිසියේම නිවසට පැමිණි කෙනෙකු නිසා සිද්ධිය හෙළි වී තිබේ.
ගමනක් අතරමග අවලංගු වීම නිසා නිවසට පැමිණි මව සාලයේ කිසිවෙකු නැතියෙන් නිවසේ කාමර පරීක්ෂා කිරීමේදී සිහි නැතිව මෙන් සැතපී සිටින දියණිය නිරුවත් කර අතවර කරමින් සිටින මාමා දැකගන්නට ලැබී තිබේ.


ඒ අනුව දෙමව්පියන් චුන්නාකම් පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත් තමන්ගේ වරදින් බේරීමට ඔහු බොරු රංගනයක නිරතවීමට උත්සාහ කර ඇති අතර
සැකකරු අත්අඩංගුවට ගත් පසුව මානසික රෝගියෙකු ලෙස හැසිරීමට පටන් ගැනීම නිසා අධිකරණ නියෝගයක් මත ඔහු පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යාපනය ශික්ෂණ රෝහලේ මානසික රෝග වෛද්‍යවරයා වෙත යොමු කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.