seven-giant-tortoises-mysteriously-turn

එක්සත් රාජධානියේ ඩෙවෝන් ප්‍රදේශයේ වනාන්තරයක තිබී මියගිය යෝධ කැස්බෑවන් 7 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති බව එරට පොලීසිය පවසා ඇත.
එක්සෙටර් හි උතුරු දෙසින් පිහිටි ඇෂ්ක්ලිස්ට් වනාන්තරයේ මියගිය කැස්බෑවන් හමුවූ දසුන දුටුවන් භීතියට පත් කර ඇත.


 සිකුරාදා (ජනවාරි 12) වනාන්තරයට පිවිසුම් දොරටුව අසල උන් පස් දෙනෙකු සොයා ගන්නා ලද අතර  අනෙක් සිරුරු දෙක ජනවාරි 8 වන දින සොයාගෙන ඇත.


ඔවුන් වසර 150ක් දක්වා ජීවත් වීමේ හැකියාව ඇති ලොව විශාලතම කැස්බෑ කුලකයක් වන ‘ඇල්ඩබ්‍රා යෝධ කැස්බෑ‘ ගණයට අයත් අය යැයි විශ්වාස කෙරේ.

මේ මොහොතේ පවතින සීතල කාලගුණය මෙම මරණ වලට හේතුවී ඇති අතර තවත් ඉතිරිව සිටින  යෝධ කැස්බෑවන් 27ක්
 නොනැසී ආරක්ෂා කරන බව ආසන්න ගොවිපළේ ඒඩ්‍රියන් ග්‍රැහැම්  පවසා ඇත.

ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය විසින් ඇල්ඩබ්‍රා කැස්බෑවන් අවදානමට ලක්විය හැකි සතුන් කොටසක් ලෙස  වර්ග කර ඇත.

මේ වන විට මියගිය සතුන් කාගේදැයි සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසා ඇත.