Pooja-Umashankar-left-the-country-without-saying-goodbye-to-the-art-career

ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ ඉහළ ආදරය දිනාගත් ජනප්‍රිය නිළි පූජා උමශංකර් කලා දිවියෙන් නොකියාම සමුගෙන තිබෙන බව අද ලංකාදීප ඇතුළු ප්‍රධාන ධාරාවේ පුවත්පත් මගින් වාර්තා කර තිබේ.
අසාර්ථකවූ විවාහ දෙකකින් පසු සිය පුද්ගලික ජීවිතයේ කලකිරීමකට පත්වූ ඇය අධ්‍යාත්මික සුවය සොයාගෙන රට අතැර ගොස් ඇතැයි එම වාර්තාවල දැක්වේ.
ඉන්දියාවේ බැංගලෝරයේ  අධ්‍යාපනය ලබා වාණිජවේදී උපාධිය හා MBA පශ්චාත් උපාධිය ද හිමිකරගෙන සිටි  පූජාට, කන්නඩ, සිංහල,
දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා චතුර ලෙස හැසිරවීමේ හැකියාව තිබුණි.

“මම ඉන්දියන් නිළියක් නෙමෙයි. මං ලංකාවෙ කෙල්ලක්.මගෙ අම්මා සිංහල බෞද්ධ මං ඉපදුනේ කොළඹ. මං බැන්දෙත් ලංකාවෙ කොල්ලෙක්. මං ඉන්නෙත් ලංකාවෙ. සිංහල හා දෙමළ හොඳට කතා කරනවා. මගෙ තාත්තා ඉන්දියන් ජාතිකයෙක් නිසා මම ඉගෙන ගත්තෙ ඉන්දියාවෙ. එච්චරයි. මං දැන් ලංකාවේ හොඳම කෙල්ලක්.
මට ඉස්සර ෆිල්ම් වලට වෙන අය ඩබ් කළා. ඒත් සරිගම ෆිල්ම් එකට මගෙමයි කටහඩ. ඉස්සර මට තිබුණ සිංහල ප්‍රොනවුන්සේෂන් ප්‍රශ්නෙ දැන් හදාගෙන තියෙන්නෙ.“ ඇය 2017 දී ඇගේ දෙවන විවාහයෙන් පසු බලාපොරොත්තු සහගතව ප්‍රකාශ කර තිබුණි.



“කොච්චර ලොකුවට වෙඩින් එක ගත්තත් අන්තිමට මමයි මහත්තයයිනෙ ජීවත් වෙන්නේ. බොරුවට සෝභනේට සල්ලි නාස්ති කරන්න මම කැමති නෑ. වැඩිපුර සල්ලි තියනව නම් මම කැමතියි ඒ සල්ලි චැරිටි වැඩවලට දෙන්න.“ ඇය එම සාකච්ඡාවේදී වැඩිදුරටත් පවසා තිබුණි.

කෙසේ වෙතත් කාලයකට පසු ඇය හින්දු දහම ඇදහීම වෙනුවට කිතුණු දහම තදින් අදහන්නියක බවට පත්වූ බව ඇගේ වෙනස්වූ ෆේස් බුක් පෝස්ටු මගින් නිරූපණය වූ අතර ඇය නිරන්තරයෙන්ම කිතුණු දහමට අදාළ පණිවිඩ හුවමාරු කරගනිමින් සිටියාය.
ඇය පසුගිය කාලයේ ප්‍රසිද්ධ අවස්ථා රැසක්ම මගහැරිය අතර පූජා උමාශංකර් කලා දිවියෙන් සමුගෙන අධ්‍යාත්මික ජීවිතයකට පිවිසීමට අදහස් කරගෙන සිටින බව වාර්තා මගින් කියැවුණි. බලාපොරොත්තු සුන්වීම නිසා කලකිරුණු පූජා ශ්‍රී ලංකාවෙන් සමුගෙන පසුගියදා යළි ඉන්දියාවට ගොස් ඇති බවද දැනගන්නට ඇත.


මේ දිනවල තිරගත වෙන  'සිහිනයකි ආදරේ“ සිංහල චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූ ඇයගේ සිනමා දිවියේ අවසන් චිත්‍රපට රංගනය  එය ලෙස සැලකේ. මෙම චිත්‍රපටයේ පූර්ව දැක්ම අවස්ථාවටද පූජා පැමිණ සිටියේ නැත.පූජා නැවත ලංකාවට නොපැමිණීමට දැඩි තීරණයක් ගෙන ඇති බවත්, රංගන දිවියට සම්පූර්ණයෙන්ම තිත තැබීමට තීරණය කර ඇති බවත් වාර්තා වේ.


ශ්‍රී ලංකාවේ ඉපදුණු පුජා ගෞතම උමාශංකර්, සිංහල, දෙමළ, තෙලිගු, මලයාලම් සිනමාවේ ජනප්‍රිය නිළියකි. ඇය මෙරට වජාත් ආදරයට කථාබහට ලක්යේ අංජලිකා චිත්‍රපටයේ රඟපෑම නිසාය. ඇයට ලැබුණ ප්‍රතිචාර නිසා තවදුරටත් සිංහල චිත්‍රපටවල රඟපාන්නට ඇය ථීරණය කළ අතර පසුව ආසයි මං පියාඹන්න, සුවඳ දැනුණා  ජීවිතේ, පත්තිනි, කුසපබා, යහළුවෝ, සරිගම
ඇතුළු චිත්‍රපට රැසක ප්‍රධාන චරිත රඟපාන්නටත් සම්මාන වලින් පිදුම් ලබන්නටත් ඇය සමත්වූවාය.