Prostate-surgery-for-King-Charles-Tummy-tuck-for-Princess-Kate

බ්‍රිතාන්‍ය රජ පවුලේ ප්‍රබල සාමාජිකයින් දෙන්නෙකුගේ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් විරල නිවේදනයක් රජ මාළිගය මගින් නිකුත් කරන ලදැයි බීබීසී වාර්තාවක දැක්වේ. ඒ අනුව
විළියම් කුමරුගේ බිරිය කේට් හෙවත් වේල්ස් කුමරිය උදර ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවත් එය සාර්ථකව නිමකිරීමෙන් පසු රෝහල්ගතව සුවය ලබමින් සිටින බවත් දන්වා ඇත.
ඒ සමගම බ්‍රිතානයයේ තුන්වන චාල්ස් රජු ලබන සතියේ වෛද්‍ය ක්‍රියාවලියකට භාජනය කිරීමට නියමිත බවත් එය පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත සැත්කමක් බවත් වාර්තා කර තිබේ.
 පිළිකා නොවන උදරාබාධයක් සඳහා සැත්කම් කිරීමෙන් පසු කැතරින් කුමරිය මාස ගණනාවක් රාජකීය රාජකාරිවලින් ඉවත් වනු ඇතැයිද මාළිගාවේ නිවේදනයේ දැක්වේ.

රජුගේ පුරඃස්ථ ග්‍රන්ථියේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබන සතියේ සිදු කෙරේ . බදාදා පස්වරුවේ දී මෙම අනපේක්ෂිත සෞඛ්‍ය නිවේදන නිකුත් කරන ලදී.



ජ්‍යෙෂ්ඨ රාජකීයයන්ගේ සෞඛ්‍යය පිළිබඳ විස්තර සාමාන්‍යයෙන් ආරක්‍ෂිත රහසක් වන අතර එය සීමිත අවස්ථාවන්හිදී පමණක් මහජනයාට ප්‍රකාශ කරනු ලැබේ. එබැවින් එක් දිනක් තුළ මෙවැනි සැලකිය යුතු යාවත්කාලීන දෙකක් නිකුත් කිරීමට ගත් තීරණය කැපී පෙනේ.

බදාදා පස්වරුවේ දී කෙන්සිංටන් මාලිගය අනාවරණය කළේ , කුමරිය අඟහරුවාදා දිනයේ දී මධ්‍යම ලන්ඩනයේ පෞද්ගලික රෝහලට සැත්කමක් සඳහා ඇතුළත් කර ඇති අතර එහි සුවය ලබමින් සිටින බවයි.

කුමරිය යහපත් සෞඛ්‍ය තත්වයේ සිටින බව පැවසූ නමුත් , සති දෙකක් පමණ කාලයක් රෝහලේ ගත කිරීමටත්, සම්පූර්ණ සුවය ලැබීමට මාස ගණනක් ගතවිය හැකි බැවිනුත්,

පාස්කු ඉරිදා අවසන් වන තුරුම මහජනයාගෙන් ඈත් වීමට අපේක්ෂා කෙරේ.

සැත්කම සාර්ථක වූවක් බව අවධාරණය කළත්,  ඇයගේ තත්ත්වය බරපතළ බව මාලිගාවෙන් නිකුත් වූ ප්‍රකාශයේ ස්වරයෙන් සහ ඇයට සුවය ලැබීමට ගත වන කාලයෙන් පැහැදිලි වූ බවට වාර්තා පළවෙමින් පවතී.

වේල්ස් කුමරු ඉදිරි සතිවලදී රාජකීය රාජකාරිවලින් ඉවත්ව ඔහුගේ බිරිඳ සහ 10 හැවිරිදි ජෝර්ජ් කුමරු, අටවන චාලට් කුමරිය සහ පස්වන ලුවී කුමරු සමඟ සිටීමට නියමිතය.

මිනිත්තු 90 කටත් අඩු කාලයකට පසු, බකිංහැම් මාලිගය විසින් වෙනම ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කරන ලද අතර, එයින් ප්‍රකාශ කර සිටියේ,  රජුට  පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන්  ලබන සතියේ සෞඛ්‍ය ක්‍රියාවලියකට භාජනය වීමට නියමිත බවයි.  

මෙම පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත රෝගී තත්ත්වය වැඩිහිටි පිරිමින් තුළ බහුලව දක්නට ලැබෙන අතර, එය පිළිකාවක් නොවේ. නොවැම්බර් මාසයේදී රජුට වයස අවුරුදු 75 ක් සම්පුර්ණ විය.