Mysterious-bodies-found-in-California-desert
ඇමරිකාවේ දකුණු කැලිෆෝනියාවේ මොජාවේ කාන්තාරයේ දුෂ්කර ප්‍රදේශයක වෙඩි තබා මරා දමා තිබූ මළ සිරුරු කිහිපයක් සොයා ගෙන තිබෙන අතර මෙම අභිරහස් මරණ ගැන  එරට මාධ්‍ය තුළ විශේෂ අවධානයක් යොමුවී තිබේ. මේ සම්බන්ධයෙන් සැකපිට පොලිසිය පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මුලින්ව වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයෙකු සොයාගෙන තිබූ අතර පසුව පොලිස් හෙලිකොප්ටරයක් දරුණු අපරාධ ස්ථානයට යැවීමෙන් පසු මළ සිරුරු හයක් සොයාගෙන ඇත. මියගිය හය දෙනාම වෙඩි වැදීමෙන් මිය ගිය බව පොලිසිය පවසයි.
මෙම සිරුරු සියල්ලක්ම  ජනවාරි 23 වන දින සැන් බර්නාඩිනෝ ප්‍රාන්තයේ පිහිටි එල් මිරාජ් නගරයට ආසන්න මහා මාර්ගයකින් සොයා ගෙන ඇත.
සැන් බර්නාඩිනෝ ෂෙරිෆ් කාර්යාලයේ විමර්ශකයින් අනුමාන කරන ආකාරයට මෙම මරණ  නීතිවිරෝධී මරිජුවානා නිෂ්පාදනය හා සම්බන්ධව ඇත.
 පොලිසිය පවසන ආකාරයට මියගිය හය දෙනාගෙන් හතර දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇත.



සාජන්ට් මයිකල් වොරික් වාර්තාකරුවන්ට පවසා ඇත්තේ මියගිය අයගෙන් හතර දෙනෙකුට  දරුණු පිළිස්සුම්ද ඇති බවයි.

ලොස් ඇන්ජලීස් සිට ඊසාන දෙසින් (144km) පමණ දුරින් පොලිස් හෙලිකොප්ටරයක් දියත් කර, විපතට පත් වූවන් මෙන්ම වෙඩි උණ්ඩ සහිත SUV සහ කුඩා වෑන් රථයක් ද මේ වන විට සොයාගෙන ඇත.

පුද්ගල සිරුරු සොයා ගැනීමේදී සිරුරු හතරක් එක ලග තිබු බවත්,තවත් සිරුරක් වාහනයක තිබු බවත්,අවසන් සිරුර ඊට මද දුරකින් තිබු බවත් සදහන් ය.

SUV රථය වෙඩි උණ්ඩවලින් පිරී ඇති අතර එහි යම්කිසි ගින්නක ස්වභාවයක් දර්ශනය වූ බව වාර්තා වල සටහන්ව ඇත.

ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ෂෙරිෆ් කාර්යාලය කියා සිටියේ "විමර්ශකයින් විසින් වින්දිතයින් ගංජා ගනුදෙනුවක් සඳහා එම ස්ථානයේදී හමුවීමට කටයුතු කර ඇති බව" තීරණය කර ඇති  බවයි.



අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් පස් දෙනා සම්බන්ධව මේ වන විටත් විමර්ශනය සිදුවෙමින් පවතී.

තවද විමර්ශකයින් විසින් තුවක්කු අටක් රාජසන්තක කර ඇති අතර ඒවා ඝාතන සඳහා භාවිතා කළේද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණ පවත්වයි.

මෙම ඝාතන කාටෙල් හෝ කල්ලි සම්බන්ධද යන්න පිළිබඳව අදහස් දැක්වීම නිලධාරීන් ප්‍රතික්ෂේප කළ අතර, ඒ වෙනුවට ඒවා "සංවිධානාත්මක අපරාධ" ලෙස නම් කර ඇත.

2016 සිට කැලිෆෝනියාවේ වැඩිහිටියන්ට ගංජා මිලදී ගැනීමට සහ භාවිතා කිරීමට නීත්‍යානුකූලව අයිතිය ඇත.නමුත් බදු නොගෙවූ මරිජුවානා සඳහා කළු වෙළඳපොලක් පවතී.

කෙසේනමුත් පසුගිය වසරේ, සැන් බර්නාඩිනෝ ප්‍රාන්තයේ පොලිසිය නීති විරෝධී මරිජුවානා මෙහෙයුම් සඳහා සෝදිසි වරෙන්තු 411 ක් ක්‍රියාත්මක කළ අතර, සකසන ලද ගංජා රාත්තල් 74,000 (කිලෝග්‍රෑම් 34,000) අත්අඩංගුවට ගත් බව ෂෙරිෆ් කාර්යාලය පවසයි.