Tear-gas-from-the-police-to-protest-the-opposition-photos

“වෙනස හදන වසරක්” යන මැයෙන් සමඟි ජන බලවේගය විසින් අද (30) විරෝධතාවක් සංවිධනය කර තිබුණි.
විහාර මහා දේවී උද්‍යානයෙන් එය ඇරඹි අතර ජනධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් යාමට සුදානම් වීමත් සමග ඊට ජාල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එම ප්‍රහාරයට ලක්වන ආකාරය වාර්තා විය.
ප්‍රහාරය හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාද රෝහල්ගතකර තිබුණි.
කෙසේවෙතත් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයන්ට ලක්වෙමින් රැළියද පැවැත්වීමට සමඟි ජන සන්ධානය කටයුතු කළ අතර මෙම විරෝධතාව පාදක කරගනිමින් අද උදෑසන සිට කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන වලට දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ද යොදවා තිබීම විශේෂත්වයකි.
විරෝධතාවය අතරතුරදී තුවාල ලබා රෝහල්ගතකර පුද්ගලයින්ගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කොළඹ ජාතික රෝහල වෙත ගොස් තිබුණි.



රටේ ජනතාව නොමරා මරා ජනතාවට කළ හැකි අමානුෂිම පීඩනයට ඇඳදමා අති මේ තුච්ඡ  ආණ්ඩුව මේ වනවිට  ලක්‍ෂ 220 ක් ජනතාව හාමතේ සහ කුසගින්නේ  තබා ඇති බවත්,රාජ්‍ය භීෂණයෙන් සහ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ජනතාව තලා පෙළා දමන මේ ආණ්ඩුව ජන
 බලයෙන් සහ ජන ශක්තියෙන් ගෙදර යවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

මෙම විරෝධතාව ආණ්ඩුව ගෙදර යැවීමේ ආරම්භයක් පමණක් බව කී සජිත් ප්‍රේමදාස   හැකි ඉක්මණින්
මැතිවරණයක් දෙන ලෙස රාජපක්‍ෂලාගේ රූකඩ ජනාධිපතිවරයාට බල කරන බව ද සදඟන් කළේය.

සමඟි ජනබලවේගය රාජපක්‍ෂලා සමඟ ඩීල් දමා නොමැති බවත් වේදිකාවේ මහ දවල් විවේචනය කර
රාත්‍රී කාලයේ ඩීල් දාන දෙබිඩි කණ්ඩායමක් නොවන බවත්  ඔහු පැවසීය.

සජබ විරෝධතාව අතරතුරදී අද එල්ල වූ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා   විශේෂ
රැස්වීමක් ද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.