India navy rescues two hijacked vessels off Somalia coast in two days

සෝමාලියාවේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු කොල්ලකෑම් යළි හිස ඔසවනු ඇතැයි යන බිය වර්ධනය වීමත් සමඟ ඉන්දීය නාවික හමුදා විසින් පැහැර ගන්නා ලද යාත්‍රා දෙකක් බේරාගෙන ඇත.

INS සුමිත්‍රා යුධ නෞකාවෙන් මුදාගැනීම් සිදු කර ඇති අතර එයට පැය 36ක්  පමණ ගතවී ඇත.

මීට දින කිහිපයකට පෙර සීෂෙල්ස් ආරක්ෂක අංශ ධීවරයින් පිරිසක් මුහුදු කොල්ලකරුවන්ගෙන් මුදාගත් බව වාර්තා සදහන් කර ඇත.

සෝමාලියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය මීට පෙර මුහුදු කොල්ලකෑම් සඳහා තෝතැන්නක් වූ නමුත් ජාත්‍යන්තර හමුදා මුර සංචාර වැඩි කිරීමෙන් පසු ඒ සියල්ල නතර වී තිබිණ.



ඉන්දියාව, 2008 සිට නිරන්තරයෙන් ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදීමට උදව් කර ඇත.

කෙසේ වෙතත්, එම නාවික හමුදා බොහෝමයක් රතු මුහුද වෙත ගමන් කර ඇති බව AFP පුවත් ඒජන්සි වාර්තා කරයි

යේමනය පදනම් කරගත් හවුති කැරලිකාර කණ්ඩායම නැව්වලට පහර දෙමින් සිටින අතර මෙම පරතරය කලාපයේ මුහුදු කොල්ලකරුවන් විසින් ප්‍රයෝජනයට ගනු ඇතැයි විශේෂඥයින් දැන් බිය වන බව ප්‍රවෘත්ති ඒජන්සිය පවසා ඇත.

ජාත්‍යන්තර සමුද්‍රීය කාර්යාංශයේ අධ්‍යක්ෂ මයිකල් හොව්ලට් සදහන්  කර ඇත්තේ 2017 වසරෙන් පසු කලාපයේ පළමු සාර්ථක පැහැර ගැනීම පසුගිය දෙසැම්බරයේ සිදු වූ බවයි.

Royal Danish Defense College හි සහකාර මහාචාර්ය Troels Burchall Henningsen පැවසුවේ  මෑත කාලීන ප්‍රහාර පෙර මට්ටම් කරා ළඟා වීමට පූර්ණ පරිමාණයේ පුනරුදයක් ඇති විය නොහැකි බවයි.


ප්‍රහාර නිසැකවම ජනවාරි මාසයේදී වැඩි වී ඇති බව පෙනෙන අතර ඉන්දියානු නාවික හමුදාවට අනුව, එහි නෞකාව ජනවාරි 28 වන දින ඉරාන ධජය සහිත යාත්‍රාවකට බාධා කරමින් ආපදා පණිවිඩයට ප්‍රතිචාර දක්වා ඇත.



X (කලින් ට්විටර්) හි සටහනකට අනුව නාවික නිලධාරීන් පසුව "බෝට්ටුව සමඟ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව මුදා හැරීම සඳහා මුහුදු කොල්ලකරුවන්ට බල කර' ඇත.

කාර්ය මණ්ඩලයේ 17 දෙනා නිදහස් කළ පසු, නෞකාව සොදිසියට ලක් කර හි ගමන දිගටම කරගෙන යාමට අවසර දෙන ලදී.

අඟහරුවාදා නාවික හමුදාව පැවසුවේ INS සුමිත්‍රා නැවතත් "ඉරාන ධජය සහිත තවත් ධීවර යාත්‍රාවක් වන Al Naeemi සොයා ගැනීමට සහ බාධා කිරීමට ක්‍රියාත්මක වූ" බවයි.

පකිස්ථාන නාවිකයින් 19 දෙනෙකුගෙන් සැදුම් ලත් කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම පරීක්ෂා කිරීම සහ ආරක්ශාව  සදහා නාවික හමුදා සාමාජිකයින් යාත්‍රාවට ගොඩ වූ බව එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.

මුහුදු කොල්ලකරුවන්ගේ තත්ත්වය නැවත සඳහන් නොකළ නමුත් X හි පළ කරන ලද ඡායාරූපයක ආයුධ සන්නද්ධ නාවික භටයින් තම අත් පිටුපසට බැඳ ඇති මිනිසුන් ආරක්ෂා කරන ආකාරය පෙන්නුම් කරයි.

තවද ජනවාරි මස මුලදී, සෝමාලියානු වෙරළට ඔබ්බෙන් මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාරයට ලක් වූ ලයිබීරියානු ධජය සහිත නෞකාවක සිටි කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු ඉන්දීය නාවික හමුදා කමාන්ඩෝ භටයින් විසින් බේරා ගන්නා ලදී.



මේ අතර, සෝමාලියාවේ මොගඩිෂු අගනුවරට ගිනිකොන දෙසින් නාවික සැතපුම් 840ක් (කිලෝමීටර් 1,555ක්) පමණ දුරින් ඔවුන්ට ප්‍රහාර එල්ල කළ තුවක්කු කරුවන් විසින් දින තුනක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික ධීවරයින් හය දෙනෙකු සෙනසුරාදා සිය හමුදා මුදා ගත් බව සීෂෙල්ස් ප්‍රකාශ  කර ඇත.

කෙසේනමුත් ජනවාරි 26 වෙනිදා, ඉන්දීය නාවික හමුදාව ප්‍රකාශ කළේ, මිසයිලයකින් පහර දීමෙන් පැය කිහිපයක් ගින්නෙන් දැවී ගිය එක්සත් රාජධානියට සම්බන්ධ ටැංකියක් වන මාර්ලින් ලුආන්ඩා වෙතින් ලැබුණු ආපදා ඇමතුමකට ප්‍රතිචාර වශයෙන් ඒඩන් බොක්කෙහි INS විශාකාපට්නම් සිය යුද නෞකාව යෙදවූ බව ය.

එසේම ප්‍රංශ සහ එක්සත් ජනපද නාවික නෞකා ද යාත්‍රාවට ආධාර සපයා ඇත.