major-australian-vacuum-retailer-godfreys-group-goes-into-administration

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා වෙළඳසැල් 141 ක් ඇති අතර තවත් රටවල වෙළඳසැල් 28 ක් ඇති Godfreys සමූහ ව්‍යාපාරය ඇදවැටීමෙන් පසු සේවකයන්  ස්වේච්ඡා පරිපාලනයට පිවිස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වැකුම් ක්ලීනර් සහ අනෙකුත් පිරිසිදු කිරීමේ නිෂ්පාදන සිදුකරන මෙම ව්‍යාපාරය පුද්ගලයන් 193 දෙනෙකුට රැකියා අහිමි කරමින් වෙළඳසැල් 54 ක් වැසී යාමට ලක්වීමෙන් මෙම අන්තරාදායක තත්වය නිර්මාණය විය.

Godfreys විසින් සේවයේ යොදවා ඇති මුළු කාර්ය මණ්ඩලය 600 කි.
අඟහරුවාදා පස්වරුවේ ගොඩ්ෆ්‍රීස් සමූහය ස්වේච්ඡා පරිපාලකයින් පත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.



ඕස්ට්‍රේලියාවේ PwC හි ප්‍රතිව්‍යුහගත කිරීමේ අංශයේ Craig Crosbie, Robert Ditrich සහ Daniel Walley ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වල  නිරතවනු ඇ
එසේම සීමාසහිත Godfreys Group Pty Ltd සහ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ එහි අනුබද්ධ ආයතන තවදුරටත් ක්‍රියාත්මක වන බව ඔවුහු පවසා ඇත.

Godfreys සමූහ ව්‍යාපාරය වැකුම් ක්ලීනර් සහ අනෙකුත් පිරිසිදු කිරීමේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා වඩාත් ප්‍රසිද්ධ වන අතර එහි රූපවාහිනී වෙළඳ දැන්වීම්ද පාරිභෝගිකයන්ගේ මතකයේ සටහන්ව ඇත.

එකී දැන්වීම්වල රඟපෑම හේතුවෙන් ඕස්ට්‍රේලියානු රූපවාහිනියේ ප්‍රසිද්ධ මුහුණුවරක් ගත් ගොඩ්ෆ්‍රේස් හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී ජෝන් හාඩි මෙම ගැටළුව සම්බන්ධයෙන් පවසා තිබුනේ වසර තුනකට පෙර ඉවත්ව ගිය තමා තවදුරටත් ව්‍යාපාරයට සම්බන්ධ නොවන අයෙක් බවයි.
ඉන් ප්‍රධානවම , ඕස්ට්‍රේලියාවේ කාර්ය මණ්ඩලය 171 ක් සහ නවසීලන්තයේ සේවකයින් 22 ක් රැකියා නොමැතිව ඉතිරි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Godfreys වසර 100 කට ආසන්න කාලයක් තම ස්ථාවරය තබාගත්  ව්‍යාපාරයක් වන අතර එය 1931 හි ආරම්භ කර ඇත.



මේ සම්බන්ධයෙන් එක් පරිපාලකයෙකු පැවසුවේ දැඩි ආර්ථික තත්ත්වයන් හේතුවෙන් සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කර ඇති බවයි.

Crosbie මහතා පවසා ඇත්තේ බොහෝ සිල්ලර වෙළෙන්දන් මෙන්, ගොඩ්ෆ්රේස් අභියෝගාත්මක ආර්ථික සහ මෙහෙයුම් පරිසරයකට මුහුණ දී ඇත යනුවෙන් ය.

එසේම ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ ප්‍රතිව්‍යුහගත කරන ලද ගබඩා ජාලය වෙළඳාම් කිරීමටත්, අනාගත ගැනුම්කරුවන්ගෙන් බලාපොරොත්තු වන දැඩි උනන්දුව ඇතිව ව්‍යාපාරය සහ වත්කම් අඛණ්ඩව අලෙවි කිරීමටත් ඔවුන්  අදහස් කරන බවයි.

Godfreys හි අධ්‍යක්ෂ, Grant Hancock මහතා පැවසුවේ, "පරිපාලකයින් පත්කිරීමේ තීරණය දුෂ්කර වුවද, Godfreys හි සේවකයින්ගේ, ගනුදෙනුකරුවන්ගේ සහ පුළුල් පාර්ශ්වකරුවන්ගේ යහපත සැලකිල්ලට ගනිමින් එම තීරණය එලෙස ගත බවයි.

සමාගමේ සම-නිර්මාතෘවරයෙකු වූ දිවංගත ජෝන් ජොන්ස්ටන්ගේ දියණිය වන ජේන් ඇලන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “කනගාටුදායක ලෙස, බොහෝ සිල්ලර වෙළෙන්දන් මෙන්, අධික උද්ධමනය, ඉහළ යන පොලී අනුපාත සහ දැඩි ජීවන පීඩනයේ ආර්ථික යුගය හේතුවෙන් පාරිභෝගික විශ්වාසය සහ වියදම් හේතුවෙන් ඔවුනට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.

එසේම පසුගිය වසරේ, මාර්තු මාසයේදී,Sanity සමාගමද වෙළඳසැල් දෙක වසා දැමුවේ එය සම්පූර්ණයෙන්ම මාර්ගගත මාදිලියකට මාරු වෙමිනි.



ගෘහ භාණ්ඩ සිල්ලර වෙළඳාමේ තවත් ප්‍රධාන නාමයක් වන  Brosa, පසුගිය වසරේ ඩොලර් මිලියන 24ක් ගෙවීමට වී කඩා වැටීමට ලක්විය.

Melbourne හි ගෘහභාණ්ඩ සාප්පුවක් වන Fenton & Fenton, ටද සිදු වුයේ එවැනිම ඛේදවාචකයකි.නමුත් මේ වන විට එය වෙනත් නමක් යටතේ පවත්වාගෙන යනු ඇත.

මේ වන විට ජීවන වියදම් අර්බුදය ඕස්ට්‍රේලියාව පුරා අභිමත වියදම් පහත වැටීමක් දැක ගත හැකි ඇති අතර සියලු වර්ගවල සිල්ලර වෙළෙන්දන් - ගෘහ භාණ්ඩ සහ විලාසිතා වෙළඳසැල්, දක්වා දැඩි ලෙස බලපෑමට ලක්ව ඇත.

කෙසේනමුත් මෙම තත්ත්වය යටතේ  බොහොමයක් භාණ්ඩ වෙළඳසැල්  මාර්ගගත ව්‍යාපාරික ආකෘතියකට මාරු වී ඇති බැව් පෙනෙනු ඇත.