The-Shangri-La-Hotel-was-ordered-to-hide-the-assault-at-Mahindas-wedding

විවාහ උත්ස­ව­යක සිදුවූ පහ­ර­දී­ම­කට අදාළ සීසී­ටීවී නිකුත් කර­න්නැයි කොළඹ තරු පන්තියේ හෝටලයක් වන ෂැන්ග්‍රිලා හෝට­ල­යට උසාවියට නියෝග කරනු ලැබූ සිදුවීමක් වාර්තාවේ.

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ සහ­භා­ගී­ත්ව­යෙන් කොළඹ ෂැංග්‍රිලා හෝට­ලයේ පැවැති විවාහ උත්ස­ව­ය­කදී සිදු වූ බව කියන මෙම පහ­ර­දීම සම්බ­න්ධ­යෙන් සීසී­ටීවී දර්ශන හෝටලය ඉදිරිපත් කර තිබුනේ නැති අතර ඒවා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (08) නියෝග කළේය.



පසු­ගිය වසරේ ජන­වාරි මස 09 වනදා හිටපු ජනා­ධි­ප­ති­ව­රයා විවා­හය වෙනු­වෙන් අස්සන් කිරී­මට කොළඹ ෂැංග්‍රිලා හෝට­ල­ය­කට එක් වූ අව­ස්ථාවේ ව්‍යාපා­රි­ක­යකු වන බ්‍රිතාන්‍ය ජාතික ජෙරම් වේල්ස් යන අය­කුට වීදුරු බෝත­ල­ය­කින් හිසට පහ­ර­දී­ම­කට අදාළ සීසී­ටීවී දර්ශන එම හෝට­ලය ලබා නොදෙන්නේ නම් අධි­ක­ර­ණ­යෙන් නියෝ­ග­යක් අයැ­දින ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා කොටුව පොලී­සි­යට නියෝග කළේය.

ඇප කොන්දේසි කඩ කර­මින් අධි­ක­ර­ණය මග­හැර සිටි හය­වන සැක­කරු ලෝචන ගිරි­හා­ගම යන අය වෙනු­වෙන් අධි­ක­ර­ණය නියම කර තිබූ රුපි­යල් ලක්ෂ පහක ඇපය රාජ­ස­න්තක කරන ලෙස නියෝග කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා එය නොගෙ­වන්නේ නම් මාස හයක බර­ප­තළ වැඩ සහිත සිර දඬු­වම් නියම කළ අතර, ඇප මුදල තැන්පත් කළ පසු ඇප­කරු මුදා­හ­රින ලෙස නියෝග කළේය.



සිද්ධිය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මෙන් අන­තු­රුව ඇප මත මුදා හරින ලද සංචන ෂේක්, අවිෂ්ක ෂේක්, ආකේෂ් ඒක­නා­යක සහ උමේෂ් සම­ර­සිංහ යන අය අධි­ක­ර­ණයේ පෙනී සිටි­යහ.

පාස්කු දා ප්‍රහා­ර­යක් පවා එල්ල වූ ෂැංග්‍රිලා හෝට­ලයේ සීසී­ටීවී දර්ශන ලබා නොදීම සම්බ­න්ධ­යෙන් පැමි­ණිල්ල වෙනු­වෙන් කරණු දැක්වූ නීතිඥ අමල් රන්දෙ­ණිය මහතා ඇතුළු නීතිඥ මඬුල්ල අධි­ක­ර­ණ­යෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය සිදු කළේය.

පැමි­ණිල්ල ඉදි­රි­පත් කළ රුවිනි වේල්ස් සහ පහ­ර­කෑ­මට ලක් වූ ජෙරම් වේල්ස් යන අය අධි­ක­ර­ණයේ පෙනී සිටි අතර, කොටුව පොලි­සිය පැමි­ණිල්ල මෙහෙ­ය­වීය.

සුභා­ෂිණී සේනා­නා­යක