horana-incident

පවුල් ආර­වු­ලක් සම්බ­න්ධ­යෙන් හොරණ අධි­ක­ර­ණයේ විභා­ගය වන නඩු­ව­කට සහ­භා­ගි­වීම සඳහා පැමිණි පුද්ග­ල­යකු පවුල් උප­දේ­ශන කාර්යා­ලය තුළදී තම කුඩා දරුවා ඉදි­රි­පි­ටම බිරි­යට පහර දී ඇතැයි හොරණ පොලි­සිය පව­සයි. පසු­ගිය 17 වෙනිදා මෙම සිද්ධිය සිදුවී ඇති අතර, පහර කෑමෙන් ලේ ගලන තුවාල සහි­තව සිහි­සුන්ව වැටී සිටි කාන්තාව 1990 සුව­සැ­රිය ගිලන් රථය මඟින් හොරණ දිස්ත්‍රික් මහ රෝහ­ලට රැගෙන ගිය බව පොලි­සිය සඳ­හන් කරයි.





මෙම අඹු­සැමි යුව­ළම තම එකම දරු­වාගේ අයි­තිය ඉල්ලන බව පොලි­සිය පෙන්වා­දෙන අතර ඒ සඳහා අධි­ක­රණ නියෝග මත ඔවුන් පවුල් උප­දේ­ශන නිල­ධා­රියා වෙත යොමු­කර තිබිණ. එම නිල­ධා­රියා පැමි­ණෙන විට කාර්යා­ලයේ දරුවා හඬ­මින් සිට ඇති අතර, ලේ ගලන තුවාල සහි­තව වැටී සිටි කාන්තාව දැක පොලි­සි­යට දන්වා තිබේ.

එම අව­ස්ථාවේ දිවා ජංගම සංචා­රයේ සිටි හොරණ පොලි­සියේ පොලිස් සැර­යන් 41052 ප්‍රියන්ත නිල­ධා­රි­යාගේ දැනුම් දීම මත සුළු පැමි­ණිලි අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක පරා­ක්‍රම ගුණ­රත්න මහතා විසින් එම ස්ථානයේ දී සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙසේ අත්අ­ඩං­ගු­වට පත්වූයේ හඳ­පා­න්ගොඩ, මෙනේ­රි­ගම ප්‍රදේ­ශයේ පදිංචි 30 හැවි­රිදි එක් දරු පියෙකි. අධි­ක­රණ සංවි­ධාන පනතේ අංක 55 හා දණ්ඩ­නීති සංග්‍ර­හයේ 314 හා 316 වගන්ති යටතේ අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු 18 දා හොරණ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇති අතර, ලඛන 29 දා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස හොරණ වැඩ බලන මහේ­ස්ත්‍රාත් සුනිල් ගුණ­රත්න මහතා නියෝග කර තිබේ.

හල්තොට - විනීතා මානෙල් ගමගේ