Australia floods: Deadly fire ants form 'flood rafts' to spread

කුණාටුවෙන් විනාශ වූ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ ගංවතුර නිසා ලෝකයේ වඩාත්ම ආක්‍රමණශීලී සත්ව විශේෂයක් පැතිරී යාමේ අවදානමක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සුපිරි පළිබෝධකයෙකු ලෙස සැලකෙන ගිනි කුහුඹුවන් (fire ants) දේශීය ශාක හා සතුන් ආහාරයට ගැනීමෙන් විශාල පරිසර පද්ධති වෙනස්කම් සහ කෘෂිකාර්මික පාඩු ඇති කළ හැකිය. එසේම ඔවුන්ගේ දෂ්ට කිරීම්වලට මිනිසුන් මරා දැමිය හැකිය.


 ගිනි කුහුඹුවන්ජල මාර්ග තුළ ගමන් කරන බැවින් ඔවුන් ගැන දැඩි විමසිල්ලෙන් සිටින ලෙස ගිනිකොනදිග ක්වීන්ස්ලන්ත සහ උතුරු නිව් සවුත් වේල්ස්හි ප්‍රජාවන්ගෙන් බලධාරීන් ඉල්ලා තිබේ.
 වීඩියෝ සාක්ෂි,  බ්‍රිස්බේන් නගරයට දකුණින් ගිනි කුහුඹුවන් දැනටමත් හෙක්ටයාර 700,000 ක පමණ භූමි ප්‍රමාණයක් ආක්‍රමණය කර ඇත.

දකුණු ඇමරිකාවට ආවේණික, රතු ගිනි කුහුඹුවන් ප්‍රථම වරට 2001 දී ක්වීන්ස්ලන්තයේ දී අනාවරණය වූ අතර , එතැන් සිට බොහෝ දුරට ප්‍රාන්ත දේශසීමා තුළ ඔවුන් ජීවත් වී ඇත. ඔවුන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වූ ආකාරය අභිරහසක්ව පවතින නමුත්, ඔවුන් එක්සත් ජනපදයේ සිට නැව්ගත කළ බහාලුම් හරහා පැමිණ ඇති බව විශ්වාස කෙරේ.

ගිනි කුහුඹුවන් බහුලව පැතිරෙන්නේ  පස් සහ මිනිසුන් විසින් ගෙන එන ද්‍රව්‍ය මගිනි.

පියාපත් සහිත ගිනි කුහුඹු රැජිනට එකවර කිලෝමීටර කිහිපයක් පියාසර කළ හැකි නමුත් සුළං ධාරා හමා යෑම සිදු වුවහොත් තවත් බොහෝ දුර ගමන් කළ හැකිය.

ඕස්ට්‍රේලියාවේ අද්විතීය දේශගුණය සහ ස්වාභාවික විලෝපිකයන් නොමැතිකම හේතුවෙන්, මෙම කලාපය "ගිනි කුහුඹුවන් සඳහා පරිපූර්ණ නිවහනක්" බවට පත් වී ඇත. ඔවුන්ට  "ඉතා අධික ශීතලම ස්ථාන හැර මුළු මහාද්වීයේම" වාසය කළ හැකි බව ජෛව ආරක්ෂණ බලධාරීන් පවසා තිබේ.

අවුරුදු තුනක් පමණ පැරණි කුහුඹු ජනපදයකට ගිනි කුහුඹුවන් 100,000 ක් පමණ අයත් වන අතර , පරිණත රැජිනකට දිනකට බිත්තර 5,000 ක් පමණ දැමිය හැකිය.

ඕස්ට්‍රේලියානු රජයට අනුව මෑත දශක කිහිපය තුළ ගිනි කුහුඹුවන් එක්සත් ජනපදය, චීනය, තායිවානය, ජපානය සහ පිලිපීනය පුරා පැතිරී ඇත.