boing-apology-flight

 ගුවන්ගත වී ටික වේලාවකට පසු එක් ගුවන් යානයක දොරක් කඩා වැටීමෙන් පසු Boeing  සමාගමේ ප්‍රධානියා ගුවන් යානා නිෂ්පාදකයාගේ වරද පිළිගෙන ඇත.



සිකුරාදා ඔරිගන්හි පෝට්ලන්ඩ් සිට පැමිණි ඇලස්කා එයාර්ලයින්ස් ගුවන් යානයෙන් භාවිතයට නොගත් කුටියේ දොර කැඩී යාමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.

මෙම සිද්ධියෙන් පසු එක්සත් ජනපදය විසින් Boeing 737 Max 9 ගුවන් යානා 171ක් නවතා ඇත.

අඟහරුවාදා දිනයේ දී Boeing හි සභාපති සහ ප්‍රධාන විධායක ඩේව් කැල්හෝන් පැවසුවේ,  සමාගම “වැරැද්ද පිළිගන්නා” බවයි.

ගුවන් යානයෙන් ඉවතට වැටී ඇති දොර "ප්ලග්" බර කිලෝග්‍රෑම් 27 (රාත්තල් 60) වන අතර එය ගුවන් යානය තුළ ඉදිකරන ලද හදිසි පිටවීමක් සඳහා භාවිතා කරන ලදී.  



එක්සත් ජනපද ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලයට (NTSB) අනුව යානයේ අතුරුදන් වූ කොටස පෝට්ලන්ඩ් හි ගුරුවරයෙකුගේ වත්තක පසුපස කොටසට කඩා වැටි ඇත.

සිද්ධියට පෙර දිනවලදී පීඩන අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් , ගුවන් සමාගම මෙම ගුවන් යානයට සීමා පැනවූ බව ද අනාවරණය වී ඇති බව විමර්ශකයින් පවසා ඇත.

Boeing කාර්ය මණ්ඩලය අමතමින් කැල්හෝන් මහතා පැවසුවේ,  "සමාගම වැරැද්ද පිළිගන්නා බවත්,  100% ක් සහ විනිවිදභාවයෙන් සෑම පියවරක්ම සම්පූර්ණ කරන්න බවත්ය..

අනතුරට හේතුව සොයා බැලීම සඳහා Boeing සමාගම NTSB සමඟ එක්ව කටයුතු කරන බවට කැල්හෝන් මහතා සහතික විය.

FAA හී [ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය] ප්‍රමුඛතාවය “පියාසර කරන මහජනතාව ආරක්‍ෂිතව තබා ගැනීම” බව පවසා ඇති අතර, Boeing 737 Max 9 හි පරීක්ෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතී.