britney-spears-hawai-son

ධනවත් හා ප්‍රසිද්ධ අයගේ ජීවන රටාවන් සැමවිටම සිත්ගන්නාසුළු වන අතර ඔවුන්ගේ දරුවන්ද ජිවත්වන ආකාරය සිත් ඇදගන්නා කතා මවනු ඇත. සුපිරි පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් සහ කෙවින් ෆෙඩර්ලයින් ගේ බාල පුත්‍රයා වන ජේඩන් ෆෙඩර්ලයින් හවායි හි සුපිරි ජිවිතයක් ගත කරන බැව් වාර්තා වෙයි.

තවමත් 17 හැවිරිදි වියේ පසුවන ෆෙඩර්ලයින් බොහෝසෙයින් නිවස තුලට වී කාලය ගත කිරීමට ප්‍රියතාවයක්

දක්වන්නෙකු වූ අතර ඔහුගේ පෙම්වතිය සමඟ හෝල් ෆුඩ්ස් සිල්ලර වෙළඳසැලේ ආහාර සාප්පු සවාරි යන අයුරු මෑතකදී දැකගැනීමට හැකිවී ඇත.

එහිදී ඔහු සාමන්‍යය තරුණයෙකු සේ දිස් වූ අතර යෙකු මෙන් දිස් වූ අතර තරමක් විශාල වූ ග්‍රැෆික් ටී ෂර්ට් එකක් ඇඳ සිට ඇත.
තවද ඔහුගේ පෙම්වතිය Gen Z කුඩා හැට්ටයක් සමඟ කලිසමක් ඇද සිට ඇත.

මෙම තරුණයා  පසුගිය වසරේ හවායි වෙත පදිංචියට ගියේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා, ඔහුගේ පියා  සහ ඔහුගේ සුළු මව සමඟය.

ඔහුගේ මව ලොව විශාලතම පොප්ස්ටාර් තරුවක්  වුවද, ඔහු ඉතා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට සමත්ව ඇත.

2022 මාර්තු මාසයේදී ස්පියර්ස් තම බාල පුතාට ඇගේ සංගීත කුසලතාව උරුම වූ බවත් ඔහු පියානෝව සඳහා ඉතා දක්ෂ බවත් ප්‍රකාශ කර ඇත.



බාලම, ෆෙඩර්ලයින්, මූලික වශයෙන් ඔහුගේ පියා සමඟ වාසය කරන අතර, ඔහුගේ සුප්‍රසිද්ධ මව සමඟ ඔහුගේ සම්බන්ධතාවය ගැන වැඩි යමක් ප්‍රකාශ කොට නැත.

නමුත් ඔහු හෝ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන ෂෝන් 2022 දී තම මව , සෑම් අස්ගරි සමඟ සිදු වූ විවාහ මංගල්‍යයට සහභාගී වී නැත.

ජේඩන් පසුව ඩේලි මේල් වෙත තිබුනේ ඔවුන් එසේ සිදු කලේ ඔවුන්  විවාහ මංගල්‍යයට සහභාගී වීමට “හොඳ” වේලාවක් යැයි නොසිතූ බවත් ඉන් පසු  එයින් ඉවත් වූ බවත් පවසමින්ය.

කෙසේනමුත් 2023 අගෝස්තු මාසයේදී අස්ගරි ස්පියර්ස්ගෙන් දික්කසාද වීමට තීරණය කොට තිබිණි.