cab-bribe-nabbed

රාජ්‍ය ආර­ක්ෂක ස්වදේශ කට­යුතු හා ආපදා කළ­ම­නා­ක­රණ රාජ්‍ය අමා­ත්‍යාං­ශ­යට අයත් කැබ් රථ­යක අලු­ත්වැ­ඩියා කට­යුතු වෙනු­වෙන් වැය වන මුද­ලෙන් අල්ලස් ලෙස රුපි­යල් තිස් දාහක මුද­ලක් ගරාජ් හිමි­කා­රි­නි­ය­ක­ගෙන් ඉල්ලා ලබා­ගත් බව කියන එම අමා­ත්‍යාං­ශයේ කළ­ම­නා­ක­රණ සහ­කා­ර­ව­ර­යකු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (09) නියෝග කළේය.



මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබුවේ රාජ්‍ය ආර­ක්ෂක ස්වදේශ කට­යුතු හා ආපදා කළ­ම­නා­ක­රණ රාජ්‍ය අමා­ත්‍යාං­ශයේ කළ­ම­නා­ක­රණ සහ­කාර ඕමල්පේ, කෝප්ප­කන්ද ප්‍රදේ­ශයේ පදිංචි ජය­ව­ර්ධ­නගේ බුද්ධික සෙන­රත් ජය­ව­ර්ධන නමැ­ත්ත­කුය.

මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් අල්ලස් හෝ දූෂණ විම­ර්ශන චෝදනා කොමි­ස­මට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කරනු ලැබ තිබුණේ බත්ත­ර­මුල්ල, පන්නි­පි­ටියේ පදිංචි පත්ති­නිගේ දෝන රසිකා දේශානි නමැ­ත්තිය විසිනි.

තමන් තල­ප­ත්පි­ටිය ප්‍රදේ­ශයේ ගරා­ජ­යක් පව­ත්වා­ගෙන යනු ලබන අතර, එහි පුද්ග­ලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ වාහන, මිල ගණන් කැඳ­වී­මෙන් පසු අලු­ත්වැ­ඩියා කර දෙනු ලබන බව පැමි­ණි­ලි­කා­රිය සඳ­හන් කර ඇතැයි අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ඒ අනුව, රාජ්‍ය ආර­ක්ෂක ස්වදේශ කට­යුතු හා ආපදා කළ­ම­නා­ක­රණ රාජ්‍ය අමා­ත්‍යාං­ශ­යට අයත් අංක පී.සී 0892 දරන කැබ් රථය අලු­ත්වැ­ඩියා කට­යුතු කිරීම සඳහා තමන් භාර­ගත් බවත් ඊට වැය වන මුදල රුපි­යල් තුන් ලක්ෂ දොළොස් දහස් හත්සිය පන­හක මුද­ලක් සඳහා සිය­යට දහ­යක කමි­ෂන් මුද­ලක් වශ­යෙන් රුපි­යල් තිස් දෙද­හ­සක මුද­ලක් සැක­කරු තම­න්ගෙන් ඉල්ලා ලබා­ගත් බවත් පැමි­ණිල්ලේ සඳ­හන් කර ඇතැයි අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.



මෙම සැක­කරු අදාළ අල්ලස් මුදල ගරා­ජය තුළදී ඉල්ලා ලබා ගන්නා අව­ස්ථා­වේදී උපා­ය­දූ­ත­යකු මඟින් වැට­ලී­මක් සිදු කර අත්අ­ඩං­ගු­වට ගත් බව අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

සැක­කරු වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි නීති­ඥ­ව­රයා සඳ­හන් කර සිටියේ තම සේවා­දා­ය­කයා අදාළ අල්ලස් ඉල්ලී­මක් සිදු කර නැති බවත් ආය­ත­නය දැනුම් දීමෙන් පසුව එම ස්ථාන­යට ගිය බවත්ය.

ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා සැක­කරු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.

නිමන්ති රණ­සිංහ