carrot-price-hike

සමහර එළවළු වර්ගවල මිල යම් මට්ටමින් අඩු වී තිබුණත් බොහෝ ප්‍රදේශවල ඊයේ (10දා) කැරට් කිලෝවක සිල්ලර මිල රුපියල් 900 - 1000ත් දක්වා ඉහළ ගොස් තිබුණි.

මීට අමතරව බීට් කිලෝවක් රුපියල් 800 - 900ත් දක්වා ඉහළ ගොස් තිබූ අතර, මාළු මිරිස් කිලෝවක් රුපියල් 800ක් දක්වාත් ලීස්, බෝංචි, ගෝවා, තක්කාලි හා කරවිල කිලෝවක් රුපියල් 550- 600ත් අතර මිලකට අළෙවි වී තිබේ.



මීට අමතරව වැටකොළු කිලෝවක් රුපියල් 480කටත්, රාබු කිලෝවක් රුපියල් 240කටත්, බණ්ඩක්කා කිලෝවක් රුපියල් 280කටත්, මෑකරල් කිලෝවක් රුපියල් 320කටත්, වට්ටක්කා කිලෝවක් රුපියල් 200කටත්, ලූනු කොළ කිලෝවක් රුපියල් 400කටත්, අලුකෙසෙල් කිලෝවක් රුපියල් 400කටත්, දෙහි කිලෝවක් රුපියල් 400කටත්, දෙල් ගෙඩියක් රුපියල් 200කටත්, බතල කිලෝවක් රුපියල් 320කටත්, ලොකු ලූනු කිලෝවක් රුපියල් 480ත් 540ත් අතර මිලකටත්, රට අල කිලෝවක් රුපියල් 200කටත්, රතු ලූනු කිලෝවක් රුපියල් 600කටත් හා සුදු ලූනු කිලෝවක් රුපියල් 480කටත් අළෙවි විය.



දේශීය බිත්තරයක මිල රුපියල් 48 - 49ත් දක්වා පහත වැටී තිබෙන අතර, ෆ්‍රේස් කුකුළු මස් කිලෝවක් රුපියල් 1140කටත්, කරි චිකන් කිලෝවක් රුපියල් 950කටත්, සම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 980කටත් අළෙවි වී තිබේ.

 ඉන්දික හේවාවිතාරණ