ජනප්‍රිය ගායක චාමර වීරසිංහ පසුගිය දෙසැම්බර මස මැද භාගයේ දැඩි ලෙස අසාධ්‍යව කළුබෝවිල පිහිටි දකුණු කොළඹ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කරන ලදි. ඔහුට ස්වසන අපහසුතා පැනනැගි බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන ලදි. මාසයක කාලයක් ප්‍රතිකාර ලද ඔහුගේ රෝග තත්වය යහපත් අතට හැරී ඇති බැවින් වෛද්‍යවරුන් ඔහු රෝහලින් නිදහස් කර නිවසේ විවේකය සදහා අවසර ලබාදී තිබේ.
චාමර වීරසිංහට සුවය පතා බොහෝ දෙනෙක් බෝධි පූජා පවත්වන්නටද යොමුවූ අතර ඒ අයගේ බලාපොරොත්තු ඉටුකරමින් ඔහු සුවය ලබා තිබේ.තවත් මාස කිහිපයක් යනතුරු ගීත ගායනය සඳහා එක් නොවිය යුතු බවට වෛද්‍ය නිර්දේශය මත ඔහු නිවසට යොමු කර තිබේ. චාමර ස්තූතිය පළකරමින් සමාජ මාධය සටහනක්ද පළ කර ඇත.
“දැන් මගේ සෞඛ්‍ය තත්වය තරමක් යහපත්, අසනීප තත්වය හේතුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ මොහොතේ සිට මේ දක්වා ප්‍රතිකාර ලබා දුන් සියලු වෛද්‍යවරුන්ටත්, රෝහල් කාර්යමණ්ඩලයේ සැමටත්,
බෝධි පූජා පවත්වමින්, ආගමික වතාවත් සිදුකරමින් ඔහු වෙනුවෙන් ආශීර්වාද කරන ලද ගරුතර ස්වාමීන්වහන්සේලා සියලුදෙනාටත්, පූජකතුමන්ලා සැමටත්, සියලුම දෙස්/විදෙස් ආදරණීය රසිකයින් සැමටත් ගෞරවණීය ස්තුතිය ප්‍රකාශ කරන අතර,
වෛද්‍ය උපදෙස් අනුව සුළු කාලයක් විවේක සුවයෙන් ගත කිරීම අත්‍යාවශ්‍ය බව පවසා ඇති බැවින්, ඒ සඳහා ඉදිරියේදී විවේකී ස්ථානයකට යාමට බලාපොරොත්තු වන බවත් දැනුම් දෙන ලදී.”
0 Comments