chaminda-wijesiri-resigns
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසු චමින්ද විජේසිරි මහතා සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය.


ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට බාර දුන් බවද චමින්ද විජේසිරි මහතා සඳහන් කළේය.
ජනතාව කැමති පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා මැතිවරණයක් තබන්නයි ඉල්ලා සිටින බවද චමින්ද විජේසේකර මහතා කීය.සජිත් පේමදාස මහතා තමාට පියෙක් වගේ සැලකූ බවද චමින්ද විජේසිරි මහතා සඳහන් කළේය.


ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුව පැහැදිලි නොකළේය.
කෙසේ වෙතත් සමඟි ජන බලවේගය වටා එකතු වෙන ඇතැම් පිරිස් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පසුගිය (05) වනදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
රැවටීමේ කඳවුරේ සිටි පිරිස් ද මේ මොහොතේ සමඟි ජන බලවේගයට එකතුවෙමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අවධානයෙන් යොමුවිය යුතු බවමන්ත්‍රීවරයා අවධාරණය කළේය. ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස පත්විය යුත්තේ ඩීල් නොදමන ගේම් නොගහන කෙනෙක් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.