china-fire-school

මධ්‍යම චීනයේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය පවසයි. Henan පළාතේ Nanyang නගරය ආසන්නයේ Yingcai පාසලේ සිකුරාදා රාත්‍රී 11 ට පමණ ගින්න හටගෙන ඇති බව Xinhua වාර්තා කරයි.



බලධාරීන් පැවසුවේ මරණවලට අමතරව එක් අයෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

ගිනි නිවන භටයින් රාත්‍රී 11.30 පමණ වන විට ගින්න නිවා දැමූ බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රාදේශීය බලධාරීන් ගින්නට හේතුව විමර්ශනය කරමින් සිටින අතර, “පාසල භාර පුද්ගලයෙකු” රඳවාගෙන ප්‍රශ්න කරන බව වාර්තා වෙයි.



මධ්‍යම රාත්‍රියේ තමාව අවදි කළ ගුරුවරයෙකු වාතයේ දුම සහිත දුර්ගන්ධයක් පවත්න බව පවසා පලා යන ලෙස තමාට පැවසූ බව සිසුවෙක් පැවසීය.

මේ පිළිබදව අදහස් දැක්වූ දෙමාපියන් පැවසුවේ,  නේවාසිකාගාරයන් හී සිටින සිසුන්ට දින 10 කට වරක්, දින හතරක විවේකයක් සදහා නිවෙස් බලා යාමට අවසර දෙන බවයි. එක් අයෙක් පැවසුවේ සිසුන්ගේ නිවාඩුව ලබන සතියේ ආරම්භ වීමට පෙර විභාග පැවැත්වීමට නියමිත පැවති බවයි.

චීන සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වන Weibo හි එක් පරිශීලකයෙකු සඳහන් කළේ, චීනයේ අලුත් අවුරුදු පාසල් නිවාඩුවට දින කිහිපයකට පෙර ගින්න ඇති වූ බවයි.


ගින්නට හේතුව තවමත් වාර්ථා වී නැත.