congo-president-re-elected

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති Felix Tshisekedi මහතා , දෙසැම්බර් 20 දින පැවති ඡන්ද විමසීමකදී 73% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමත් සමග දෙවන ධුර කාලය සඳහා නැවත තේරී පත් වූ බව එරට මැතිවරණ කොමිසම වන CENI ප්‍රකාශ කළේය.

මෙම ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ , මැතිවරණය පැවැත්වූ ආකාරය පිළිබඳව විපක්ෂය ඉදිරිපත් කළ පැමිණිලිවලින් දින දෙකකට පසුවය.

Kinshasa අගනුවර ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් CENI හි ප්‍රධානී Denis Kadima පැවසුවේ, වලංගු ඡන්ද මිලියන 18කට වැඩි සංඛ්‍යාවකින් Tshisekedi ඡන්ද මිලියන 13කට වඩා ලබාගෙන ඇති බවයි.



Tshisekedi නැවතත් තේරී පත් වූ බව Kadima විසින් ප්‍රකාශ කිරීමෙන් පසු,  එම ස්ථානයේ රැස්ව සිටි Tshisekedi ගේ ආධාරකරුවන් ප්‍රීති ඝෝෂාවන් පැවැත්වූහ.

දේශපාලන පක්‍ෂ, අපේක්‍ෂකයින් සහ ඔවුන් විසින් බලය පවරන ලද අයට ව්‍යවස්ථා අධිකරණයේදී මැතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කිරීමට දින දෙකක් තිබෙන අතර,  නඩුවේ තීන්දුව ලබා දී අවසන් ප්‍රතිඵලය ප්‍රකාශ කිරීමට අධිකරණයට දින හතක කාලයක් තිබේ.

18%ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත් වූ විපක්ෂයේ සිටින මොයිස් කටුම්බි මහතා , රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය නොමැති බව පවසමින් CENI හි ප්‍රතිඵලවලට නීතිමය අභියෝගයක් එල්ල කළ අතර, එම චෝදනා මේ වන විට ප්‍රතික්ෂේප කර ඇත. විපක්ෂයේ සිටින අනෙකුත් අපේක්ෂකයින් මෙම ප්‍රතිඵලවලට අභියෝග කරන්නේද යන්න පැහැදිලි කර නොමැත.



නිල වාර්ථාව ඉදිරිපත් කිරීමට පෙර සිදු කරන ලද තාවකාලික ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ,  විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයින් නව දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහ තවත් දේශපාලන පක්ෂ නායකයින් හය දෙනෙකු පාරට බැස විරෝධතා දක්වන ලෙස ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියහ.

“අපි ව්‍යාජ මැතිවරණය සහ එහි ප්‍රතිඵල තරයේ ප්‍රතික්ෂේප කරමු,” යැයි ප්‍රධාන විරුද්ධ පක්ෂ අපේක්ෂකයෝ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසූහ. ඔවුන් ඉල්ලා සිටියේ , සියලු දෙනා එකඟ වන දිනයක නව මැතිවරණ මණ්ඩලයක් සමඟ නැවත මැතිවරණයක් පවත්වන ලෙසයි. එසේම "මැතිවරණ වංචාව ප්‍රකාශ කිරීමෙන් පසු සමූහ වශයෙන් පාරට බසින ලෙස අපි අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිමු" යැයි ඔවුහු පැවසූහ.

කොංගෝ රජය විසින් මැතිවරණ නැවත පවත්වන ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබුණි.



මැතිවරන දිනයේ සිට, හිටපු තෙල් විධායක මාර්ටින් ෆයූලු ඇතුළු Tshisekedi ගේ ප්‍රධාන අභියෝගකරුවන්, තරඟය සහ ව්‍යවස්ථාදායක මැතිවරනය නැවත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි අතර, ඡන්දය Tshisekedi ට පක්ෂව යොමු කිරීමට ඉඩ දුන් බවට CENI හට චෝදනා කරති.

CENI සහ ආන්ඩුව මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ස්වාධීන නිරීක්ෂක කණ්ඩායම් විසින් කරන ලද අනතුරු ඇඟවීම් ද ප්‍රතික්ෂේප කර ඇත.