dambulla-dadamas

 සිගිරිය වන ජිවි කාර් යාලයට ලැබුණු අවේක්ෂන නිලධාරින්ගේ බුද්ධි තොරතුරක් පදනම් කරගෙන  ඊයේ (17) දහවල්  සිදුකල වැටලිමකදි  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල  අවන්හලක් තුළ තිබු දඩමස් කිලෝ174ක්  සොයාගැනිමට  වනජිවි නිලධාරින්  සමත් වි ඇත.
දඹුල්ල   නගරයට එන  දෙස් විදෙස් ජනතාව ඉලක්ක කරගෙන කලක් තිස්සේ මෙම අවන්හලේ දඩමස්  විකිණිම සිදුකරන බව  වනජිවි  නිලධාරින්ට  ලැබුණු  තොරතුරු පදනම් කරගෙන  සිගිරිය වනජිවි නිලධාරින්  මෙම  වැටලිම  සිදුකොට ඇත.


දෙස් විදෙස් මත්වතුර විකුණුම් පොලක් සමග පවත්වාගෙන ගිය මෙම අවන්හලේ  අධිශිතකරණයක තැන්පත්කර තිබු  කැලැ සතුන්ගේ දඩ මස් අතර
ගෝන මස්  113 kg, මුව මස්    30 kg හා වල් උරුමස්  31 kg හමුවී තිබේ.
මෙහිදී සැක කරුවන් දෙදනෙකු අත්වඩංගුවට  ගත්බව සිගිරිය  වනජිවි කාර්යාලය පවසයි  
 සිගිරිය හබරණ  දිගම්පතහ රිදිඇල්ල   ප්‍රදේශවල රක්ෂිත වනාන්තර වල සිදුවන දඩමස්  ජාවාරම කලක සිට සිදුවන බවත් වන රක්ෂණ නිලධාරින් සිමිත නිලධාරින් හා සම්පත් භාවිතා කරමින්  සිදුකලද  දඩයක්කරුවන්  ඉතාමත්  සුක්ෂම අයුරින්  කැලැසතුන් මරා  නගරයට ගෙනවිත්  හොටෙල් හා බාර් ආශ්‍රිතව  විකිණිම සිදුකරනබවත් පැවසේ.
අත්අඩංගුවට ගත්  ‌සැක කරුවන්  හා දඩමස්  අද (18 ) දිනයේදි  අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

(ඒ ජි  මහින්ද උදයසිරි රත්නායක)