ගුවන් යානයක් ගමන් කරමින් සිටි අතරතුර එහි බඳ කොටස පුපුරායාමේ සිදුවීමකින් පසු මතුවූ අන්තරායකාරී තත්වයක් නිසා ගුවන් යානයක් ගොඩබැස්වීමට සිදුවූ පුවතක් හා ඒ නිසා ගුවන්ගමන් රැසක් අවලංගු කිරීමට හේතුවූ සිදුවීමක් ඇමරිකාවෙන් වාර්තාවේ.
ඇලස්කා ගුවන් සේවයේ යොදවා තිබුණ බෝයිං 737-9 මැක්ස් වර්ගයේ ගුවන් යානාවක මෙම දෝෂය හටගත්තේය.
එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයෙන් ගුවන්ගත වී ටික වේලාවකට පසු මෙම සිදුවීම සිදුව ඇති අතර ගුවනේදී ගුවන් යානයේ ජනේලයක් සහ බඳ කැබැල්ලක් පුපුරා ගිය බවත් පිරිමි ළමයෙකු සහ ඔහුගේ මව පේළියේ වාඩි වී සිටි අතර එහිදී ජනේලය පුපුරා යද්දී පිරිමි ළමයාගේ කමිසයේ කොටසක්ද ඉරාගෙන ගොස් ගුවන් යානයෙන් පිටතට එය විසිව ගිය බව සඳහන්ය.
අනතුරින් කිසිවෙකුට හානියක් නොවූ බව වාර්තාවන්හි දැක්වේ.
'වම් පිටුපසින් විශාල ඝෝෂාකාරී පිපිරුමක් ඇසුණා. අධික වේගයෙන් යුතු සුළං හඬක් ඇතුළට ඇසුණා. සියලුම ඔක්සිජන් මුහුණු ආවරණ ක්ෂණිකව ක්‍රියාත්මක වුණා. සෑම දෙනාම ඒවා ලබා ගත්තා" KATU නාලිකාව සමග මගියෙකු මෙම සිදුවීම විස්තර කර තිබුණි.
යානය ගොඩබැස්වූ පසු ගුවන් යානයේ එක් පැත්තත හිඩැසක් දැකිය හැකි විය.
මගීන්ගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මගින් ගුවන් යානයේ මගී ආසන අසල ඔක්සිජන් ආවරණ භාවිතය ඇරඹූ අයුරු පෙන්නුම් කළේය.
සිදුරෙන් කුටියේ පීඩනය අඩු වීම නිසා අන්තරායකාරී තත්වයක් මතුවී ඒ ගැන අනාරක්ෂිත තත්වයක් මතුවූ නිසා ගුවන් සමාගම එතැන් සිට එහි සියලුම බෝයිං 737-9 MAX ගුවන් යානා නවතා ඇත.
FlightAware හි පියාසැරි ලුහුබැඳීමේ දත්ත වලට අනුව Boeing 737-9 MAX යානය පස්වරු 5.07 ට ගුවන්ගත වී මිනිත්තු හයකට පමණ පසු අඩි 16,000ට ළඟා වීමෙන් පසු මෙම සිද්ධිය නිසා හරවා යවන ලදී. එය සවස 5.26 ට පෝට්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමක් සිදු කළේය.
ඇලස්කා ගුවන් සේවය පැවසුවේ මගීන් 171 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සමඟ යානය ආරක්ෂිතව ගොඩ බැස්ස බවයි.
ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය (NTSB) සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින අතර වැඩිදුර තොරතුරු ලබා දී නොමැත. බෝයිං සමාගම ද මේ සම්බන්ධයෙන් තවමත් අදහස් දක්වා නැත.
මේ අතර ඇතැම් වාර්තා සදහන් කරන්නේ ප්‍රශ්නගත ජනේලය හදිසි පිටවීම සිදුවන්නට පෙර Boeing විසින් "අක්‍රිය" කරන ලද දොරක් බවයි. 737-9 ගුවන් යානයේ ජනේලයක් සහිත සාමාන්‍ය පැති බැම්මක් ලෙස පෙනෙන නිසා ඇතුළත සිට එය මැදිරියේ මැද පිටුපස කොටසේ පිහිටා ඇති දොරක් බව මගීන් දැන සිට නැත.
සිද්ධියට සම්බන්ධ යානය ඔක්තෝම්බර් මාසයේදී ගුවන් සමාගමට ලබා දුන් නවතම බෝයිං 737 මැක්ස් ගුවන් යානයක් බවද එවන් යානා 65 ක් සමාගම සතු බවද වාර්තා විය.
0 Comments