david-warner-retired

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රවීණයෙකු වන ඩේවිඩ් වෝනර් සිය අවසන් ටෙස්ට් තරඟයට පෙර,  එක්දින ජාත්‍යන්තර (එක්දින) ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.
37 හැවිරිදි ඔහු මීට පෙර දී නිවේදනය කළේ ,  පාකිස්තානය සමඟ පැවැත්වෙන තරඟාවලියට පෙර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවයි.

සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් වෝනර් පැවසුවේ, එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද විශ්‍රාම ගැනීමට තමා තීරණය කළ බවයි.

පසුගිය වසරේ ඉන්දියාවට එරෙහිව තරග කරමින්,  ඕස්ට්‍රේලියාවට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දීමට ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය .



තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ වෝනර් පැවසුවේ,  "අතිශයින්ම විස්මිත" ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට කාලය හරි බව තමාට හැඟුණු බවයි.

එසේම විශ්‍රාම ගැනීම තුළින් නවක ක්‍රීඩකයින්ට අවස්ථා නිර්මාණය වන බවත් , ඔහුට විදේශයන්හි ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට වැඩි නිදහසක් ලබා දෙන බවත් ඔහු පැවසීය.  වෝනර් ඉන්දියානු ප්‍රිමියර් ලීග් වාර 14 ක් සඳහා සහභාගී වී ඇති අතර එ් තුළින් ඔහුට විශාල රසිකයින් පිරිසක් සිටී.

නමුත් 2025 චැම්පියන්ස් කුසලානයට ආරාධනා කළහොත් ඒ සදහා ක්‍රීඩා කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේ නැත.

වෝනර් විසින් බදාදා දිනයේ දී ඔහුගේ උපන් නගරය වන සිඩ්නිහිදී , ඔහුගේ 112 වැනි සහ අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනු ඇත.

ඔහු එක්දින තරඟ 161කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු මුළු ලකුණු 6,932ක් ලබාගෙන ඇත.

එසේම ඔහු ඕස්ට්‍රේලියානු එක්දින ඉතිහාසයේ හයවන වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.

නමුත් ඔහුගේ වෘත්තිය මතභේදයකින් තොරව ගලා ගියේ නැත. 2018 දී, එවකට ඕස්ට්‍රේලියානු උපනායකයා වූ වෝනර්හට,  වැලි කඩදාසි මගින් පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කරන ලදී . ඊට අමතරව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්ව තනතුරක් දැරීමට ඔහුට සදාකාලික තහනමක් ද පනවා ඇත.

දකුණු අප්‍රිකාව සමඟ තරඟයකදී වැලි කඩදාසියකින් පන්දුවේ තත්වය කෘතිමව වෙනස් කිරීමට වෝනර් සැලැස්මක් සකස් කර ඇති අතර පසුව එය ක්‍රියාත්මක කරන ලෙස කනිෂ්ඨ ක්‍රීඩකයෙකුට උපදෙස් දී ඇති බව , ඕස්ට්‍රේලියා ක්‍රීඩා පාලක මණ්ඩලය පැවසීය. සඳුදා දිනයේ දී ඔහු ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තමාගේ ක්‍රියාවන් පිළිබඳව තමාට කිසිදු කනගාටුවක් නොමැති බවයි .



ඔහු බොහෝ එංගලන්ත ක්‍රිකට් ලෝලීන් අතර අප්‍රසාදයට පත්ව සිටින අතර ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා ලෝලීන් ද පන්දු පළුදු කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් ඔවුන්ගේ කලකිරීම ප්‍රකාශ කර තිබේ.

සඳුදා පැවති මාධ්‍ය හමුවේදී වෝනර්ම කියා සිටියේ, තම ක්‍රීඩා දිවිය සම්බන්ධව තමාට "විශිෂ්ට" හැඟීමක් ඇති බවයි.