denmark-queen-throne

ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජින නව වසරේ රූපවාහිනී දේශනයකදී සිය විස්මිත ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ.
ඇය රැජින බවට පත්වී වසර 52 ක් සපිරෙන ජනවාරි 14 වන දින නිල වශයෙන් ඉවත් වනු ඇත. "මම සිංහාසනය මගේ පුතා වන ඔටුන්න හිමි ෆෙඩ්රික් කුමරුට ලබා දෙමි" යැයි ඇය නිවේදනය කළාය.

83 හැවිරිදි ඇය 1972 දී ඇගේ පියා වන IX ෆ්‍රෙඩ්රික් රජුගේ අභාවයෙන් පසු සිංහාසනයට පත් වූ ලොව එකම රැජින සහ යුරෝපයේ දීර්ඝතමව රජකම් කළ වත්මන් රජතුමා ද වේ.

2023 මුල් භාගයේදී ඇයගේ පිටේ සිදු කරන ලද ශල්‍යකර්මයෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව ඇය හෙළි කළාය.

"ශල්‍යකර්මය අනාගතය ගැන සිතීමට හේතු වූ අතර, ඊළඟ පරම්පරාවට වගකීම පැවරීමට කාලය පැමිණ තිබේ,"  යනුවෙන් පැවසූ ඇය , වසර ගණනාවක් පුරා ඩෙන්මාර්ක මහජනතාව තමාට දැක්වූ සහයෝගයට ඇයගේ ස්තුතිය පුද කළාය.



අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩ්රික්සන් විසින් රැජිනගේ සේවයට ස්තූතිය පුද කළ අතර, "රාජ්‍යය වෙනුවෙන් ජීවිත කාලය පුරාවටම කැපවීම සහ නොපසුබස්නා උත්සාහය වෙනුවෙන් මහ රැජින වෙත සමස්ත ජනතාව වෙනුවෙන් හෘදයාංගම ස්තූතිය පුද කිරීමට කැමැත්තෙමි," යැයි  ඇය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.

බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදාය මෙන් නොව, 55 හැවිරිදි ඔටුන්න හිමි ෆ්‍රෙඩ්රික් කුමරු සඳහා විධිමත් ඔටුනු පැළඳීමේ උත්සවයක් නොපවතිනු ඇත. ඒ වෙනුවට, ඔහුගේ ප්‍රවේශය එදින කෝපන්හේගන්හි අමාලියන්බර්ග් මාලිගයෙන් නිවේදනය කරනු ලැබේ.

ඔහු ඩෙන්මාර්කයේ රජු මෙන්ම ග්‍රීන්ලන්තයේ සහ ෆාරෝ දූපත් වල රාජ්‍ය නායකයා ලෙස ද පත් කරනු ඇත.

මාග්‍රෙත් රැජින ඩෙන්මාර්කයේ ජනප්‍රිය චරිතයක් වන අතර බොහෝදෙනා බලාපොරොත්තු වූයේ ඇය මිය යන තුරුම සිංහාසනයේ රැඳී සිටිනු ඇති බවයි.

මාග්‍රෙත් රැජින 2022 දී දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍යයට සහභාගී වූ අතර , එම වසරේම ඔවුන්ගේ ජුබිලි සැමරූහ.  එළිසබෙත් රැජිනගේ මරණයට පෙර මෙම යුගලය , ලෝකයේ ඉතිරිව සිටි එකම කාන්තා ස්වෛරීත්වය විය. එලිසබෙත් අවුරුදු 70ක් පාලනය කළාය.



මාග්‍රෙත් රැජින ඉපදෙන විට රැජින වනු ඇතැයි අපේක්ෂා කර නොතිබුණි. නමුත් ඇයට වයස අවුරුදු 13 දී, ඩෙන්මාර්ක නීතිය කාන්තාවන්ට සිංහාසනය ගැනීමට අවසර දෙන ලෙස වෙනස් වීමත් සමග සිංහාසනය ඇයට හිමි විය.

ඇතැමුන් ඇය ලොව දීර්ඝතම රාජ්‍යත්වය දැරූ රජු ලෙස ද සලකයි. බෲනායි සුල්තාන්වරයා වැඩි කලක් සිංහාසනයේ සිටි නමුත් ඔහුගේ රට නිදහස ලබා ගත්තේ 1984 දී පමණි.

මෙම වසර මුලදී ඩෙන්මාර්කයේ සහ නෝර්වේහි IV වන ක්‍රිස්ටියන් රජු අභිබවා යාමෙන් පසු ඇයගේ පාලනය ඩෙන්මාර්ක ඉතිහාසයේ දීර්ඝතම රාජාණ්ඩුව බවටද පත් විය .

ඩේසි ලෙස ආදරයෙන් හඳුන්වනු ලබන මාග්‍රෙත් රැජින දුම්පානය කිරීමේ පුරුදු , ජංගම දුරකථන සහ අන්තර්ජාලය ප්‍රතික්ෂේප කිරීම සඳහා ප්‍රසිද්ධය. ඇය පවසන්නේ ඒවා නොමැතිව තමා "ඉතා සතුටින්" ජීවිතය ගත කරන බවයි.

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු මෙන්ම ඔටුන්න හිමි ෆෙඩ්රික් කුමරු ද පරිසරයට ඇති දැඩි ඇල්ම හේතුවෙන් ප්‍රසිද්ධය.  ඔහුගේ බිරිඳ වන මේරි කුමරිය, ඕස්ට්‍රේලියානු දූපතක් වන ටස්මේනියාවේ හැදී වැඩුණු අතර,  2000 දී මෙම යුවළ මුණගැසෙන විට  ඇය නීතිඥවරියක් ලෙස සේවය කළාය. ඔවුන්ගේ දරුවන් හතර දෙනා හැකිතාක් සාමාන්‍ය ලෙස හදාවඩා ගැනීමට උත්සාහ කර ඇති අතර, ඔවුන් ප්‍රධාන වශයෙන් රජයේ පාසල් වෙත යවා ඇත.

සිංහාසනයේ සිටි කාලය තුළ මාග්‍රෙත් රැජින කලාකරුවෙකු ලෙස වැඩ කළ අතර , කලාවට ඇති ඇල්ම නිසාම ඇය ප්‍රසිද්ධියට පත් වූවාය. ඇය පුරාවිද්‍යාවටද දැඩි ඇල්මක් දක්වන අතර කැණීම් කිහිපයකටම සහභාගී වී ඇත. ඇය එක්සත් රාජධානියේ ඉගෙනුම ලැබු අතර, කේම්බ්‍රිජ් හි ගිර්ටන් විද්‍යාලයේ සහ ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ කාලය ගත කළාය.

1967 දී, ඇය ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන හෙන්රි ද ලැබර්ඩ් ඩි මොන්පෙසාට් සමඟ විවාහ වූ අතර, 2018 දී ඔහු මිය යන තෙක් ඇය රාජකීය බිරිඳ ලෙස සේවය කළාය.



සෑම වසරකම අලුත් අවුරුදු උදාවේදී ඇය රූපවාහිනියේ විකාශය වන දේශනයක් පවත්වයි.

මෙම වසරේ, නිවේදනය පසෙකට දමා, ඇය මැද පෙරදිග සහ යුක්රේනයේ යුද්ධ මෙන්ම දේශගුණික විපර්යාසයන් සමබන්ධව ක්‍රියා කිරීමේ වැදගත්කම ගැන කතා කළාය.

යුරෝපය පුරා සිටින අනෙකුත් රාජකීය පවුල්වල මෙන්ම,  ඩෙන්මාර්ක රාජකීය පවුල ද සිය රාජකීයයන් සංඛ්‍යාව අඩු කිරීමට තීරණය කර ඇත.

ඒ යනුව යමින් පසුගිය වසරේ සිදු කල ඔටුන්න හිමි ෆෙඩ්රික් කුමරුගේ බාල සොහොයුරු ජෝකිම් කුමරුගේ දරුවන්ගේ රාජකීය පදවි නාමයන් ඉවත් කිරීම විරසකයකට ද තුඩු දුන්නේය .