denmark-queen

ලොව රජකම් කළ  අවසන් රැජින සජීවී රූපවාහිනී වැඩසටහනක් හරහා සිය විස්මිත ඉල්ලා අස්වීම ප්‍රකාශ කරමින්,  "මම සිංහාසනය මගේ පුත් ඔටුන්න හිමි ෆ්‍රෙඩ්රික් කුමරුට භාරදෙමි" යනුවෙන් ඩෙන්මාර්කයේ II වන මාග්‍රේත් සිය නව අවුරුදු දේශනයේදී පැවසුවාය.

ඩෙන්මාර්ක රාජකීය පවුලේ "ඊළඟ පරම්පරාවට" මග සැලසීමට ඇය ගත් තීරණය ලොව පුරා කතා බහට හේතු වී ඇති අතර,  එම ප්‍රකාශය තුළින් ,  ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ ෆෙඩ්රික්ගේ බිරිඳ මේරි කුමරිය පළමු රජ බිසව බවට පත් කර ඇත .

IX ෆෙඩ්රික් රජුගේ අභාවයෙන් පසු 1972 දී මාග්‍රෙත් රැජින සිංහාසනය භාරගෙන මාසයක් යන්නට මත්තෙන්, මේරි ඩොනල්ඩ්සන් නම් ගැහැණු ළමයෙක් ලෝකයේ අනෙක් පැත්තේ හෝබාර්ට් හී කුඩා රෝහලක උපත ලැබීය. ස්කොට්ලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ගණිත මහාචාර්යවරයකුගේ සහ විධායක සහකාරවරියකගේ දියණිය වූ මේරි හැදී වැඩුණේ ඇගේ සහෝදර සහෝදරියන් වන ජේන්, පැට්‍රීෂියා සහ ජෝන් සමඟ මධ්‍යම පාන්තික උප නාගරික නිවසක ය.



බොහෝ වාර්ථාවන්ට අනුව ඇය උසස් පාසල හැර යන විට ද ස්වභාවික නායිකාවක් ලෙස කැපී පෙනී ඇත. 2003 දී ඇයගේ හිටපු විදුහල්පතිනිය  ප්‍රකාශ කර සිටියේ , මේරි යනු "ආකර්ෂණීය, ඉතා ක්‍රියාශීලී, ඉතා මිත්‍රශීලී" තරුණියක් ලෙස බවයි.

ටස්මේනියා විශ්ව විද්‍යාලයෙන් නීතිය සහ වාණිජ උපාධියක් ලබා ගැනීමෙන් පසු ඇය වෙළඳ දැන්වීම් සහ පසුව සුඛෝපභෝගී දේපල වෙළඳාම් පිළිබඳ ඉහළ වෘත්තියක නිරත විය. නමුත් 2000 ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර සිඩ්නි නුවර දී සිදු වූ අහඹු හමුවීමක් ,  අවසානයේ ඇගේ ජීවිතය උඩු යටිකුරු කළාය.

කතාවෙ හැටියට නම් 28 හැවිරිදි මේරි යහළුවන් කිහිප දෙනෙකු හමුවීමට Slip Inn පබ් එකට ගොස් ඇත්තේ යමක් පානය කිරීම සඳහාය. එහෙත් එම ස්ථානයේ ෆෙඩ්රික්, ඔහුගේ සොහොයුරු ජෝකිම් කුමරු, ඔහුගේ ඥාති සොහොයුරා වන ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ නිකොලස් කුමරු, නෝර්වේහි මාර්තා කුමරිය සහ දැන් ස්පාඤ්ඤයේ VI වන ෆෙලිපේ රජු ඇතුළු යුරෝපීයයන් කිහිප දෙනෙක් ද වූහ.

පසුව සුළු වේලාවකින්  ෆෙඩ්රික්  කුමරු මේරි හා කතාබස්කොට ඔහුගේ දුරකථන අංකය ඇයට ලබා දී ඇත.  ඒ හරහා ඔවුන් ඉක්මනින් දුරස්ථ සම්බන්ධතාවයක් ඇති කර ගත් අතර , 2002 වන විට මේරි ඩෙන්මාර්කයට යාමට තීරණය කළාය.  එහිදී ඇය ඩෙන්මාර්ක භාෂාව ඉගෙන ගැනීමට පටන් ගෙන මයික්‍රොසොෆ්ට් හි රැකියාවක් ද භාර ගත්තාය.



මෙම යුවළ වසර දෙකකට පසුව මැයි 14 වන දින කෝපන්හේගන් ආසන දෙව්මැදුරේදී විවාහ වූ අතර, එම උත්සවය සජීවීව නැරඹීමට මිලියනයකට අධික ඕස්ට්‍රේලියානුවන් මධ්‍යම රාත්‍රියේ නිදිවර්ජිතව සිට ඇත.

ඇගේ පාලන සමයේ වැඩි කාලයක් මාග්‍රෙත් රැජින ඩෙන්මාර්කයේ ජනප්‍රිය චරිතයක් ලෙස රැඳී සිටි අතර බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ ඇය මිය යන තුරුම සිංහාසනයේ සිටිනු ඇති බවයි.

ඩෙන්මාර්ක ඉතිහාසයේ දීර්ඝතම රාජාණ්ඩුව හිමි ඇය, දීප්තිමත් වර්ණ ඇඳුම් සහා පුරාවිද්‍යාවට ආදරය කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විය . මෑත වසරවලදී ඇය  පැරණි ආයතනයන්ගේ  "අනාගතය තහවුරු කිරීම" ඉලක්ක කරගත් ප්‍රතිසංස්කරණ මාලාවක් අධීක්‍ෂණය කළාය.  වඩාත්ම කැපී පෙනෙන දෙය නම්, ඇය රාජකීයයන් සංඛ්‍යාව අඩු කර මාලිගාවේ මුදල් ප්‍රතිව්‍යුහගත කිරීමයි.  ඒ අනුව සිංහාසනයේ උරුමක්කාරයාට පමණක් රාජ්‍ය අරමුදල් සහිත වැටුපක් ලැබේ.

දැන්, ඊළඟ පරිච්ඡේදය ආර්ම්භ කිරීම ෆෙඩ්රික් සහ මේරිට භාර වී ඇත.

 මෙම යුවළ තම දරුවන් බොහෝ දුරට රජයේ පාසල්වලට යවා ඇති අතර, ඒ තුළින් දරුවන්ට හැකි තරම් සාමාන්‍ය හැදී වැඩීමක් ලබා දීමට උත්සාහ කර ඇත.

ෆෙඩ්රික් කුමරු දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීම ඔහුගේ ජීවිතයේ කාර්යය බවට පත් කර ඇති අතර, මේරි LGBTQI+ හේතු, මාතෘ සෞඛ්‍යය සහ කාන්තා ප්‍රජනක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නියක් ලෙස පිළිගැනීමක් ලබා ඇත.

මිලියන සංඛ්‍යාත ඩේන්මාර්ක ජාතිකයින් ඔවුන්ට මෙතෙක් නායකත්වය දුන් එකම රැජිනට සමුදීමට සූදානම් වෙයි. එසේනම් ජනවාරි 14 වන දින සිදු වීමට නියමිත මෙම බල සංක්‍රාන්තිය  දුක සහ සතුට මිශ්‍ර වූ මොහොතක් වනු ඇත.

ඕස්ට්‍රේලියාවේ උපත ලද මේරි කුමරිය බොහෝ කලකට පෙර ඇගේ පුරවැසිභාවය අත්හැර ඇත.  " ටස්මේනියාවේම උපන් රැජින ඩෙන්මාර්කයේ අනාගතය මෙහෙයවනු ඇතැයි මම බලා සිටිමි," යැයි එම ප්‍රාන්තයේ අගමැති ජෙරමි රොක්ලිෆ් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.