dikwella-ag-father-daughter
සිය පියා ප්‍රාදේ­ශීය ලේකම් ධුරය දැරූ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ ඊළඟ ප්‍රාදේ­ශීය ලේකම් ලෙස පත්ව­න්නට දිය­ණි­ය­කට අව­ස්ථාව හිමි­ව­න්නේ­නම් එය සුවි­ශේෂී සිදු­වී­මකි.



පසු­ගි­යදා එම විශේෂ අව­ස්ථාව හිමි­වූයේ දික්වැල්ල ප්‍රාදේ­ශීය ලේකම් ලෙස කට­යුතු කළ කේ. රත්නා­යක මහ­තාගේ ආද­ර­ණීය දිය­ණිය වන මධු­මතී රත්නා­යක මහ­ත්මි­ය­ටයි.

කළ­ම­නා­ක­රණ සහ­කාර සේව­යෙන් රැකි­යාව අරඹා ආය­ත­නික විභාග සමත් වී පිය­වර පිළි­වෙ­ළින් ප්‍රාදේ­ශීය ලේකම් තන­තුර සඳහා පැමිණි කේ. රත්නා­යක මහතා පරි­ණත පරි­පා­ලන නිල­ධා­රි­යෙකු ලෙස විශ්‍රාම ලැබු­වේද දික්වැල්ල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යෙනි.

විශ්‍රා­මික ප්‍රාදේ­ශීය ලේකම් පියා සමඟ පැමිණි මධු­මතී රත්නා­යක මහ­ත්මිය සුබ මෙහො­තින් රාජ­කාරී ආරම්භ කිරීම එක්ව සිටි කාහ­ටත් හැඟු­ම්බර අව­ස්ථා­වක් විය.

එම අව­ස්ථා­වට ප්‍රදේ­ශයේ ගරු­තර මහා සංඝ රත්නය, දික්වැල්ල හිටපු ප්‍රාදේ­ශීය ලේකම් බී. එස්. රංජිත මහතා ඇතුළු රාජ්‍ය නිල­ධා­රීන් හා මෙන්ම මුධ­මතී මහ­ත්මි­යගේ පවුලේ ඥාතීන් හා හිත­ව­තුන් ඇතුළු පිරි­සක් සහ­භාගි වී සිටි­යහ.
ගන්දර - ජය­සිරි පේදු­රු­ආ­රච්චි