doctor-fake

වෛද්‍යවරුන් වශයෙන් පෙනී සිටිමින් මෙරට කාන්තාවන් තිදෙනකු රවටා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ බව කියන නයිජීරියානු ජාතිකයන් දෙදෙනකු දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ඔවුන් දෙදෙනා අලුත්ගම හෝටලයක රැඳී සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මින් කාන්තාවන් දෙදෙනකු විවාහ කර ගන්නා බවට පොරොන්දු වී මුදල් වංචා කර ඇති අතර අනෙක් කාන්තාවට මෝටර් රථයක් දිනුම් ඇදී ඇති බව පවසමින් මුදල් වංචා කර ඇති බවද පොලිසිය පවසයි.



මෙම සැකකරුවන් දෙදෙනා වෛද්‍යවරුන් වශයෙන් පෙනී සිටිමින් සමාජ මාධ්‍ය හරහා හඳුනා ගත් කාන්තාවන් තිදෙනාට මෙම වංචාව සිදු කර ඇති බවත් මෝටර් රථයක් දිනුම් ඇදී බව ට පැවසූ කාන්තාවට රජයේ ලියකියවිලි භාර දීමට අවශ්‍ය බව පවසා මුදල් වංචා කර ඇති බව ද පොලිසිය කියයි.

වසරේ අවස්ථා තුනක දී මෙම වංචාව සිදුකර ඇත.

මෙම කාන්තාවන් තිදෙනා මේ සම්බන්ධයෙන් රිගණක අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ ඒ.ටී.එම්. කාඩ්පත් 14, ජංගම දුරකථන 6ක් තිබූ බව පොලිසිය පවසයි.

ඉන්දිකා රාමනායක