doctor-strike
6am update
රජයේ වෛද්‍ය නිලධාරීන් විසින් අද උදෑසන සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම සංගමය පවසයි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කළ ලිපිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිඛිත දැනුම්දීමත් සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
3 pm update
වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (DAT) ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කර තිබුණ ද අනුමත ප්‍රතිපාදන සීමාව තුළ මහා භාණ්ඩාගාරය විසින් අක්මුදල් ලබාදීමට කටයුතු කර නොමැති බව දැනුම්දෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.



ලිපියක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඒ අනුව භාණ්ඩාගාරය වෙතින් මෙම ගැටලුව නිරාකරණය කරගන්නා තෙක් වැඩිකරන ලද රුපියල් 35,000ක මුදල ගෙවීම තාවකාලිකව අත්හිටුවන ලෙසට සෞඛ්‍ය ලේකම්වරයා විසින් තමන්වෙත දැනුම්දී ඇති බවය.

මේ හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) උදෑසන 08 සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මේ අනුව, අද රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර ඇත්තේ, අදාළ දීමනාව මෙම මස වැටුප සමඟ ලබා නොදෙන්නේ නම් හෙට දිනයේ මෙම වර්ජනය දියත් කරන බවයි.