doctors-united

වෛද්‍ය සේවාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලු වෛද්‍ය සංගම් එක්ව නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනයට ඇතුළු සියලු වෛද්‍ය ක්‍ෂේත්‍ර වල වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.


මේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් පසුගිය (24 දා) වෛද්‍ය සංගම් රැසක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවැත්විණි.
නිදහස් සෞඛ්‍ය සේවාව රටට බරක් නොවනාකාරයෙන් ගෙන යෑම සහ රටේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීම සම්බන්ධයෙන් ක්‍රමවේද සැකසීම, ඖෂධ වෙනුවෙන් වැය කරනු ලබන මුදලට සාපේක්ෂව ජනතාවට වැඩි සේවයක් ලබාදීම සිදු කළ යුත්තේ කුමනාකාරයෙන්ද යන්න පිළිබඳව මෙම සාකච්ඡාවේදී එකඟතාවන්ට පැමිණි බවත්, ප

ොදු කමිටුවක් යටතේ මෙරට නිදහස් සෞඛ්‍ය සේවය නව පරිච්ඡේදයකට රැගෙන යෑමත් මෙම නව වැඩපිළිවෙළේ බලාපොරොත්තුවක් බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා දිවයින ඉරිදා සංග්‍රහයට ප්‍රකාශ කර සිටියේය.

සුජීව තත්සර