dulanjalee-anuruddhika
ඊයේ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම අසළදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ  පිළියන්දල මඩපාත ජඹුරලිය ප්‍රදේශයේ පදිංචි එක්දරු මව


සම්බන්ධ සිදුවීම අනියම් ඇසුරක් සම්බන්ධ ගැටලුවක් මුල්කරගෙන සිදුවූ ඝාතනයක් බවට දැන් තොරතුරු අනාවරණය වේ. දුලාංජලී අනුරුද්ධිකා මාපිටියගේ නැමැති 39 හැවිරිදි කාන්තාව ඝාතනය කර තිබුණේ  අනියම් පුරුෂයා බව පොලිසියට තොරතුරු ලැබී ඇත. ඔහු එල්ලාවල ලියනගේ ඩන්ස්ටන් ප්‍රසාද් පෙරේරා නැමැති 47 හැවිරිදි කොළඹ බම්බලපිටියේ ප්‍රසිද්ධ වෙළෙඳ සංකීර්ණයක කාර්යාලයක් පවත්වාගෙන යමින් වීසා උපදේශන සේවාවක් ලබා දෙමින් සිටි අයෙකි ඔහුගේ වැඩිමල් සොයුරා විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා නොහොත් ධර්මසිරි යන අයයි.



ඝාතනයෙන් අනතුරුව ඔහු විදේශ රටකට පලායෑමට සඳහා සූදානම්ව ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් අතර පොලිසිය
සැකකරුට විදේශ ගමන් තහනමක් ද පැනවීය.
මේ වනවිට සැකකරු පොලිස් අත්අඩංගුවේ සිටිමින් පොලිසියට සිද්ධිය විස්තර කර ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පෙර විස්තරය
කහතුඩුව හුවමාරුවේදී මරාදැමූ ගුවන්සේවා අධිකාරියේ දුලාංජලීගේ ඝාතකයා හසුවේ